“මගේ කකුල කැඩිලා අවුරුදු දෙකක් හිටියා… ගෝඨාභය මහත්තයාට කියලා ගෙයක් අරගෙන දෙන්නම් කිව්වා… වයිෆ්ගේ පොතට ලක්ෂ 5ක් දාල තිබුණා… එක අවුරුද්දකට කුලියට ගෙයක් අරගෙන දුන්නා… ඊට පස්සේ මුකුත් නැහැ… නඩුවට මොනව වුනාද දන්නෙත් නැහැ…”
ඊයේ (05) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතාට අයත්ව තිබී පසුව වෙනත් අයෙකුට විකුණා දැමුවේයැයි කියන ෆෝර්ඩ් මස්ටෑන්ග් වර්ගයේ සුපිරි රථය 2014 වසරේ මැයි මස 01 දින අංක තහඩු රහිතව ධාවනය කර නාරාහේන්පිට බේස්ලයින් පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක් කළ මෝටර් රථය බව එම පොලිස් කොට්ඨාශය අද (06) කඩුවෙල මහේස්ත්‍රාත්වරයා හමුවේ පවසා තිබේ.
එම අනතුරින් තුවාල ලැබූ එම්.ඒ. හර්ෂ පුෂ්පකුමාර නමැත්තා අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ මෝටර් රථය හඳුනාගෙන තිබේ.
[embedyt] https://www.youtube.com/watch?v=SB3FgwaYG9o[/embedyt]










