විදේශ ජාතිකයින් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා සකස් කළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් උපයෝගි කරගනිමින් ඔවුනට අයත් සමාගමක කොටස් අලෙවි කොට රුපියල් මිලියන 21 ක මුදලක් සඳහා සාපරාධි විශ්වාසය කඩ කිරීම ඇතුළු අධිචෝදනා 04ක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් වන මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට හා සිඩ්නි ජයසිංහ මහතාට ලබන නොවැම්බර් පළමු වැනිදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05) නියෝග කර තිබේ.
ඉන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කිරීමේ චෝදනාව ඇතුළු චෝදනා දෙකක් යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාරුවා වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට ලබන නොවැම්බර් 03 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යෑවීමටද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ නියෝග කර ඇත.
නීතිපතිවරයා විසින් එකී චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව ගොනු කර තිබු නඩු දෙකක් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරුන් එම නොතිසි නියෝග නිකුත් කර තිබේ.









