FCIDය සොයද්දී වීරවංසගේ ලේකම් වස බීලා !

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවශ්‍යව සිටි විමල් වීරවංසගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ මොරටු සනත් නොහොත් සනත් කුමාර නැමැත්තා පසුගිය 02වනදා වස පානය කිරීම හේතුවෙන් කළුබෝවිල රෝහලේ 33 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

විමල් වීරවංසගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංස රජයේ වාහන අවභාවිතාවක් සම්බන්දයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සනත් කුමාර මෙසේ වස පානය කර ඇතැයි පැවසේ.

විමල් වීරවංසද සිය සම්බන්ධීකරණ ලේකම්වරයාව බැලීමට පසුගිය 03වනදා එම රෝහලට ගොස් ඇත. 

මොරටු සනත් නොහෙත් සනත් කුමාර මාතර ප්‍රදේශයෙන් මොරටුවට පැමිණි අයෙක් වන අතර ඔහු කෙටි කලක් තුළ කෝටිපතියකුවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේදීද මාධ්‍ය වාර්තා පලවී තිබිණි. 

 

විමල් වීරවංස හා සනත් කුමාර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂව හමුවූ අවස්ථාවකදී ගන්නාලද ඡායාරූපයකි.

Facebook
Twitter
LinkedIn