රජයේ වාහන අවභාවිත කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පසුගිය පළමුවනදා අත්අඩංගුවට ගත් සරත් වීරවංස ලබන 21 තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.
හිටපු ඇමති විමල් වීරවංසගේ වැඩිමල් සහෝදරයා වන සරත් වීරවංශ විමල් වීරවංසගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ කාලය තුළ වාහන තුනක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී තිබූ ඉන්ධන නිකුත් කරන පොතක් උපයෝගි කරගනිමින් කොළඹ ප්‍රදේශයේ පිරවුම් හල් දෙකකින් අයථා ලෙස ඉන්ධන ලබා ගෙන ඇති බවටද මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
Views: 0









