මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දිවා රාත්‍රී තරගයක් ලෙස අද (04) දින පැවැත්වෙන අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා සංචිතය නම් කිරීමේදී උපුල් තරංග වෙනුවට උපුල් චන්දනගේ නම සඳහන් කර නිවේදනය නිකුත් කර ඇති අතර පසුව එම නිවේදනය වෙනස් කර තිබේ.
නායක ඇන්ජලෝ මැතිවුස් ආබාධයකට ලක්වීමෙන් පසුව ශ්‍රී ලංකා සංචිතයට උපුල් තරංග කැඳවූ අතර ඔහු දිර්ඝ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ ක්‍රීඩකයෙකි. උපුල් චන්දන යනු මීට වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වේ.
උපුල් තරංගගේ නම වෙනුවෙට උපුල් චන්දන නම් කිරීම අහඹු සිදුවීමක් විය නොහැකිය. මක් නිසාද යත් දක්ෂ පිතිකරුවකු වන උපුල් තරංග පසෙකින් තබා තරග රැසකදී අසාර්ථක වූ පිතිකරුවන් දිගින් දිගටම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ස්ථාවරව සිටින අතර ඒ පිළිබඳව මුහුණු පොත පුරාවට ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට විරෝධය පළ කළේය. එසේ තිබියදී නායකයා ආබධයකට ලක්වීමත් සමග උපුල් තරංගට කණ්ඩායමට පිවිසීමට හැකි වූ නමුත් ඒ වනවිටත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ 3-1ක් ලෙස එක්දින තරගාවලිය පරාජයට ලක්ව සිටී.
උපුල් තරංග දක්ෂ ජ්‍යෙෂ්ඨ ක්රිඩකයකු නැවත කණ්ඩායමට කැඳවීම හොඳ තීරණයක් වන අතර ක්‍රිකට් බලධාරීන් තමන්ගේ තීරණ පිළිබඳ නැවත සිතා බැලිය යුතුව තිබේ. අද තරගය සඳහා නම් කර ඇති සංචිතය මෙසේය.
දිනේෂ් චන්දිමාල් (නායක)
කුසල් පෙරේරා
කුසල් මෙන්ඩිස්
උපුල් තරංග
ධනංජයද සිල්වා
ඇන්ජලෝ පෙරේරා
අවිශ්ක ප්‍රනාන්දු
ධනුෂ්ක ගුණතිලක
සුරංග ලක්මාල්
ඩිල්රුවන් පෙරේරා
සීකුගේ ප්‍රසන්න
අමිල අපොන්සු
ලහිරු කුමාර
සචිත් පතිරණ
නිරෝෂන් දික්වැල්ල
දසුන් ශානක









