ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද (04) දින දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන පස්වන හා අවසන් එක් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 40.2 කදී සියලු දෙනාම දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 195ක් පමණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු පිතිකරුවකු ලකුණු 40 සීමාව පසු කිරීමට අපොහොසත් වූ අතර ධනුෂ්ක ගුණතිලක ලබාගත් ලකුණු 39 ශ්‍රී ලංකාව වෙනුවෙන් ලැබූ ඉහළම ලකුනු සංඛ්‍යාව වේ. ආරම්භක කඩුල්ල සඳහා ඔහු ධනංජයද සිල්වා සමග එක්ව ලකුණු 70ක සබඳතාවයක් ගොඩ නැගූ අතර අනෙක් කිසිදු කඩුල්ලකට ලකුණු අතර සාර්ථක සබඳතාවයක් ගොඩනැගීමට අපොහොසත් විය.
පන්දුවට පහර දීමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 39ක්ද, ධනංජය සිල්වා ලකුණු 34ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 33ක් හා සචිත් පතිරණ ලකුණු 32ක් ලබා ගැනීමට සමත් විය. අද තරගයට එක්වූ උපුල් තරංග ලකුණු 15ක් ලබා ගැනීමට සමත් විය.
පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් පන්දුවාර 9කදී ලකුණු 40කට කඩුලු 3ක්ද ඇඩම් සම්පා පන්දුවාර 6කදී ලකුණු 43කට කඩුලු 2ක්ද, ටී.එම්. හේඩ් පන්දුවාර 5කදී ලකුණු 22 කට කඩුලු 2ක්ද බිඳ හෙලීමට සමත් විය.









