චීන වීදුර පාලමට බර දරන්න බැරි වෙයි

පසුගිය මාසයේදී විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් චීනයේ හුනාන් ප්‍රාන්තයේ ඉදිකළ වීදුර පතුලක් සහිත ලොව දිගම පාලම තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

සංචාරකයින්ගේ දැවැන්ත ආකර්ෂණයක් යොමුවීමත් සමග පාලම නැරඹීමට විශාල පිරිසක් පැමිණීමත් සමග පාලම බර දරා ගැනීමේ නොහැකි තත්වයක් මත මෙම තීරණය ගෙන ඇති බව පැවසේ. හුනාන් පළාතේ සන්ජියෙජි සානුව හරහා මීටර් 300ක් පමණ ඉහළින් මීටර් 400කට වාඩා වැඩි දිගකින් මෙම පාලම ඉදිකර තිබේ.

සංචාරකයින්ට පාලම මතින් ගමන් කිරීමේදී විශ්වාසය තහවුරු කිරීම සඳහා පාලමේ නිර්මාණකරුවන් විවිධ පරීක්ෂණ හරහා ශක්තිමත් බව පෙන්වීමට කටයුතු කළේය. එක්වරකට 800කට පාලම හරහා ගමන් කිරීමට හැකියාව තිබුණත් එම ප්‍රමාණය ඉක්මවා පිරිස පාලම මතින් ගමන් කිරීමෙන් මෙලෙස අවදානමකට ලක්ව තිබේ.

පාලම වසා දැමීමෙන් අනතුරුව එහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු ආරම්භකර සති දෙකකින් පමණ නැවත විවෘත කරන බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.Image result for වීදුරු පාලම චීනයේImage result for වීදුරු පාලම චීනයේImage result for වීදුරු පාලම චීනයේImage result for වීදුරු පාලම චීනයේ

Facebook
Twitter
LinkedIn