බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරියකු වූ මොහොමඩ් සුලෙයිමාන් ඝාතනයේ ඉතිරි සියලුම සැකකරුවන් අද (02) දිනයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත් වී තිබේ.
මීට පෙර දිනයේදී සැකකරුවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පුවීදිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් අතර අද දිනයෙදී තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වූවන් අවුරුදු 25ත් 30ත් අතර තරුණයින් බව පැවසේ. කෝටිපති ව්‍යාපාරිකයා පැහැරගෙන යාමට භාවිතා කළ මෝටර් රථයද කොටහේන ප්‍රෙදේශයේ තිබියදී සොයාගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශයට හැකිව තිබේ.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 8 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට යොදා ගත් ආයුධ සහ ව්‍යාපාරිකයාගේ ජංගම දුරකතනයද සොයා ගෙන තිබේ. මේ වනවිට සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ ඝාතනය ප්‍රධාන සැකකරු මොහොමඩ් සුලෙයිමාන් ව්‍යාපාරිකයාට අයත් රෙදිපිළි වෙළඳසැලක කළමණාකරුවකු බවයි.









