“සයිටම් එපා” සම්මන්ත‍්‍රණය ගාල්ලෙන් අැරඹෙයි

“ජීවිත වනසන, අධ්‍යාපන අයිතිය අහෝසි කරන, ආණ්ඩුවේ ප්‍රතිපත්ති පරදවමු! සයිටම් එපා සම්මන්ත‍්‍රණය” යනුවෙන් පෞද්ගලික වෛද්‍ය විරෝධී මධ්‍යස්ථානය විසින් ආරම්භ කර ඇති සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අද (29) ගාල්ල නගර ශාලාවේදී පැවැත්විණි. 

ඒම අවස්ථාවට රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යානාංශයේ හිටපු අංශාධිපති මහාචාර්ය ආනන්ද රුහුණු හේවා මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ කථිකාචාර්ය, ආචාර්ය ජිනසේන හේවගේ මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අංශයේ කථිකාචාර්ය දේව මයිකල් සිල්වා මහතා, එක්සත් සමාජවාදී පක්ෂයේ සභාපති නීතීඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික පළාත් සභා මන්ත‍්‍රී නලින් හේවගේ මහතා, සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකමි හා ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා, රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති රුවන් දිමන්ත මහතා, රුහුණුවිශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් මහතා, ගාල්ල විජයානන්ද විද්‍යාලයේ විදුහල්පති එම්.ජී අජිත් මහතා, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් වෙනුවෙන් පේ‍්‍රමසිරි ජයලත් මහතා, ජාතික විදිවත් වෘත්තික සංදසයේ ගාල්ල දිස්ත‍්‍රික් ලේකමි ජනිත් විරාජ් මහතා සභාව ඇමතූහ.

Facebook
Twitter
LinkedIn