උතුරේ හෝ දකුනේ වේවා ප්රජාතන්ත්රවාදය සහ අයිතිවාසිකම් ඉල්ලා හඬ නගන ශිෂ්‍යයින් මර්දනය ආණ්ඩුවේ වැඩපිළිවෙලක් බවත් මෙම ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි විය හැක්කේ හුදකලා තනි තනි සටන්වලින් නොව සාමූහික ඒකාබද්ධ අරගල තුලින් බවත් අවධාරනය කරන බව සඳහන් කරමින්, යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශාන්තන් ශිෂ්‍යයාට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය හෙලාදකිමින් සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම ශිෂ්‍ය සංමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව එවා ඇති නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
“ඊයේ (18) උදෑසන 9.30ට පමණ යාපනය විශ්වවිද්‍යාලය අසල කලටි හංදියේදී යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පරමලිංගම් දර්ශාන්තන් ශිෂ්‍යයාට එල්ලකළ ම්ලේච්ඡ ප්‍රහාරය සමාජවාදී ශිෂ්‍ය සංගමය ලෙස අපි දැඩි ලෙස හෙලා දකිමු. යතුරු පැදිවලින් පැමිණි හතර දෙනෙකු විසින් පොලූ මුගුරු සහ යකඩ පොලූවලින් පහර දී ඔහුගේ හිසට සහ අත්පාවලට බරපතල තුවාල සිදුකර පළාගොස් ඇත. දැනට ඔහු යාපනය මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
යාපනය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ සිවුවන වසරේ ශිෂ්‍යයකු වන ප්‍රශාන්ත් ශිෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් මෙන්ම යාපනය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවෙන්ද හඬනැගු අයෙකි. මෙම ප්‍රහාරය පිටුපස සිටින්නේ ආණ්ඩුවට සම්බන්ධ සන්නද්ධ කල්ලි බව පැහැදිලිය. ඔහුට පහරදුන් ස්ථානයේ සිට මීටර් 20ක් දුරින් හමුදා මුරපොළක්ද පිහිටා ඇති අතර ජනතාව ගැවසෙන උදෑසනක හමුදාව ලඟ තබාගෙන මෙවැනි පහරදීමක් කළ හැක්කේ ආණ්ඩුවේ සහය ලැබූවන්ට ම පමණි. මීට පෙරද යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ එවකට සිටි ලේකම් තවපාලන් ශිෂ්‍යයාද මෙවැනිම ප්‍රහාරයකට ලක්වූ අතර ඔහු යාපනය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේද ප්‍රතිකාර ලැබීය.
උතුරේහෝ දකුනේ වේවා ප්රජාතන්ත්රවාදය සහ අයිතිවාසිකම් ඉල්ලා හඬ නගන ශිෂ්‍යයින් මර්දනය ආණ්ඩුවේ වැඩපිළිවෙලක් බවට පත්ව ඇත. මෙම ප්රජාතන්ත්ර විරෝධී පාලනයට එරෙහි විය හැක්කේ හුදකලා තනි තනි සටන්වලින් නොව සාමූහික ඒකාබද්ධ අරගල තුලින් බව අවධාරනය කරන සමාජවාදී ශීෂ්‍ය සංගමය ඒ වෙනුවෙන් පෙළගැසෙන ලෙස ශිෂ්‍යයන්ටද වෘත්තීය සමිතිවලටද ප්රගතිශීලී ජනතාවටද ආයාචනා කර සිටී.” යනුවෙනි.









