ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් බෙල්ජයමේ බ්‍රසල්ස් හි පැවැත්වෙන ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්න්ත්රණයට සහභාගී වී ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.
එම ජාත්‍යන්තර කොමියුනිස්ට් සම්මන්ත්‍රණය සඳහා රටවල් 50ක කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂ 61ක් සහභාගීවී ඇත.
ඒ අතර කියුබා කොමියුනිස්ට් පක්ෂය, වියට්නාම් කොමියුනිස්ට් පක්ෂය, ලා ඕස් මහජන විප්ලවකාරී පක්ෂය, රුසියා කොමියුනිස්ට් පක්ෂය, ග්‍රීක් කොමියුනිස්ට් පක්ෂය හා සයිප්‍රසයේ වැඩකරන ජනතා පක්ෂයද (AKEL) වේ.
මේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජවිපෙ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා සහ බෙල්ජියමේ ජවිපෙ කමිටුවේ සිංවිධායක නිමල් ජයකොඩි මහතාද සම්බන්ධ වී සිටින බවත් ජවිපෙ නියෝජිත දෙපල එක්සත් ජනපද වෘත්තීය සමිති නායකයින් සමග මේ වන විට විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන්ය.










