අනුරාධපුර රෝහලේ උග‍්‍ර ඖෂධ හිඟයක්

අනුරාධපුර ශික්‍ෂණ රෝහලෙන් ප‍්‍රතිකාර සඳහා පැමිණෙන භාහිර රෝගින් සඳහා ලබා දෙන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව වාර්ථාවේ.

සායන සඳහා පැමිණෙන රෝගීන් හට ඖෂධ ලබා ගැනීම සඳහා ප‍්‍රමාණවත් තරම් ඖෂධ නිකුත් කරන කවුළු නොමැතිකම හේතුවෙන් දිගු පෝලිම් වල රැඳී සිටීමට සිදුවන බව රෝගින් අප සමඟ පැවසීය. ඖෂධ නිකුත් කරන කවුළු සවස 5.00ට වසා දමන බැවින් පෝලිම් වල රැඳී සිටින විශාල පිරිසකට ඖෂධ නොමැතිව ආපසු යෑමට සිදුවන අතර පසුදා පැමිණ පෝලිමේ රුඳී සිටීමෙන් අනතුරුව ඖෂධ නොමැති කමින් ආපසු යාමට සදුවන අවස්ථා බහුල බව රෝගීහු පවසති.

විශේෂයෙන් වකුගඩු, දියවැඩියා සායන සඳහා පැමිණෙන රෝගින් සඳහා නිකුත් කිරිමට ඇතිතරම් ඖෂධ නොමැති බව රෝගීහු පවසති. දියවැඩියා රෝගින් සඳහා නිකුත් කරන සුලභ ඖෂධයක් වන මෙට්ෆොමින් (Metformine) නොමැති කමින් දියවැඩියා සායන සඳහා පැමිණෙන රෝගින් දැඩි අසරණ භාවයකට පත්ව ඇත. තවද එනලප‍්‍රිල් (Enalapril), ඩයිගොක්සින් (Digoxin) හා කාර්විඩිලොල් (Carvidilol) ඇතුළු අත්‍යාවශ්‍යය ඖෂධවල දැඩි හිඟයක් පවතින බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn