දකුණු පළාත් සභාවේ ධීවර, පශු සම්පත්, පරිසර කටයුතු, ග්‍රාමීය කර්මාන්ත, විදුලිබල හා ග්‍රාමීය වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩී.වී.උපුල් මහතාව ඉන් ඉවත් කර ඒ සඳහා එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා පත් කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට ස්වල්පමොහොතකට පෙර අදාළ පත්වීම ලබා දී ඇති අතර එච්.ඩබ්ලිව්.ගුණසේන මහතා 1997 වසරේ සිට දකුණු පළාත් සභාව නියෝජනය කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු බවද පැවසේ.
Views: 0









