ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසංකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ නාරාහේන්පිට හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා මහතා අගෝස්තු 03 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (20) නැවතත් නියෝග කර තිබේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු බලයලත් නිලධාරියෙකු වන නාගහවත්ත ආරච්චිගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් නාරාහේන්පිට හිටපු ස්ථානාධිපති ඩේමියන් පෙරේරාගේ දුරකතන ඇමතුම් සම්බන්ධව පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් සිදු කරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින රජයේ අධි නීතීඥ දිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
Views: 0









