(වීඩියෝ සංස්කරණය) “මහ නුවර දිස්ත්‍රික්කයේ අපි දින්නා… ඉතින් අපි අපේ අයට රැකියා දෙනවා… මහින්ද රාජපක්ෂත් ඒ කාලේ මහනුවර 250කට මේ විදිහටම පත්වීම් දුන්නා… ඒවා ගැන පරීක්ෂණ කරන්න” යැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය කිරිඇල්ල ජවිපෙ මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්සට කියයි.
උසස් අධ්‍යාපන සුදුසුකම් හෝ නොමැති පුද්ගලයන්ටත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට හා හිටපු විපක්ෂනායකවරු, හිටපු සභාපතිවරු වැනි අයටත් එකම පවුලේ දෙතුන්දෙනාටත් මහාමාර්ග අමාත්‍යාංශයේ සභාපති තනතුරු ලබා දී ඇති බවත් අද (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
ඒ අදාළ උපදේශක තනතුරු පත්කිරීම් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් වාචික පිළිතුරු අපෙක්ෂාවෙන් මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්නකිරීමේදී අමාත්‍යවරයා විසින් ලබා දුන් පිළිතුරුවලිනි.
භික්ෂූන් වහනේසේ නමකටද මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශක තනතුරු ලබා දී ඇති බවද එහිදී අනාවරණය වූ අතර එහිදී නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ එම භික්ෂූන් වහන්සේට අදාළ තනතුරු ලබා දුන්නේ කුමණ මාර්ගඵලය අවභෝදකරගැනීමටද යනුවෙනි.
කෙසේ නමුත් නලින්ද ජයතිස්ස මහතාගේ ප්රශ්නවලදී ලිස්සා යන සුළු ස්වභාවයකින් සහ ඉතාමත් කළබලකාරී ස්වභාවයකින් අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනු දක්නට ලැබිණ.









