පසුගියදා තුර්කියේ පාලන බලය ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ අසාර්ථක හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව මේ වනවිට සිදු කළ පරීක්ෂණවලදී රාජ්‍ය සේවයට සම්බන්ධ 50,000ක් පමණ පිරිසක් සිය තනතුරුවලින් නෙරපා ඇතැයි වාර්තා වේ.
හමුදා කුමන්ත්‍රණයට විරෝධය පළ කරමින් ජනතාව දහස් ගණන් මාර්ගවලට අවතීර්ණ වී විරෝධය පළකිරීමත් සමග එය අසාර්ථක වූ අතර පසුව එම හමුදා කණ්ඩායම් සිය යටත් වීම පිළිගනු ලැබීය. කුමන්ත්රණයත් සමග සිදුකළ ප්රහාරයන්ගෙන් පුද්ගලයින් 232ක් ජීවිතක්ෂයට පත්ව තවත් 1,541ක් තුවාල ලබා තිබිණි.
හමුදා කුමන්ත්‍රණයට සහාය දැක්වීමේ චෝදනාව මත තුර්කිය තුළ ක්‍රියාත්මක වූ රුපවාහනී හා ගුවන්විදුලි නාලිකා 24ක බලපත්‍ර අත්හිටුවා ඇති අතර ගුරුවරුන් හා අධ්‍යාපන නිලධාරීන් 15,200ක්ද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1577ක්ද මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් 1,500ක්ද අභන්තර කටයුතු අමාත්‍යංශයේ 8,777ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ 257ක්ද මේ වනවිට සේවයෙන් පහකර තිබේ.
මීට අමතරව හමුදා ප්‍රධානීන්, නිලධාරීන් ඇතුළු සාමාජිකයින් 6000ක්ද පොලිස් නිලධාරීන් ඇතුළු පොලිිසියේ 9,000ක්ද අධිකරණ විනිසුරුවන් 3,000ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.









