ඓතිහාසික කතරගම ඇසළ පෙරහැර උත්සව සමය හේතුවෙන් මේ වනවිට කතරගම නගරයට විශාල ජනකායක් ඇදී ඒමට පටන් ගෙන ඇති අතර දඩමස්වලට ඇති ඉහළ ඉල්ලුමත් සමග දඩමස් ලෙස හඟවා බල්ලන් මරා ලබා දීමට කටයුතු කරමින් ඇති බව අනාවරණය වේ.
පවතින වියළි කාලගුණයත් සමග මේ වනවිට යාල ජාතික වනෝද්‍යානයට මෙන්ම කතරගම අවට කැළෑ ප්‍රදේශවල වැව් සියල්ලකම පාහේ ජලමට්ටම ඉතා පහළ බැස ඇති අතර වන සතුන්ට බීමට ඇති ජලයට දඩයක්කරුවන් විසින් වස මිශ්‍රකර වන සතුන් මාර මස් කිරීමේ නිරත වීමේ ප්රවණාතාවයක් ඇති බවද වාර්තා වේ.
දඩමස් හිඟ වීමත් සමග මේ වනවිට කතරගම පූජා නගර අවට දඩාවතේ යන පුෂ්ටිමත් බල්ලන් හීලෑ කර ගැටගසා දඩමස් ලෙස හඟවා එම බලු මස් අලෙවි කිරීමේ නිරත පිරිසක් සිටින බවත් ඔවුන් මරා දමන බල්ලන්ගේ ඔළු ඇතුළු කොටස් ඒ අවට කැළෑ රොදවල්වලට දමන බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසයි. විශේෂයෙන්ම සෙල්ලකතරගම, අවට ප්‍රදේශයේ මෙම ජාවාරම ක්‍රියාත්මක වන තොරතුරු වාර්තා වේ.









