කටුනායක ගුවන් තොටුපල මාස කිහිපයකට වැසෙන ලකුණු!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ප්‍රධාන ගුවන් පථයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වැනි දින දක්වා දහවල් කාලයේ වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය මෙලෙස වසා දැමෙන අතර රාත්‍රී කාලයේදී ගුවන් යානා සඳහා ධාවන පථය යොදා ගැනීමට හැකියාව පවතින බව වාර්තා වේ. ඒ අනුව ධාවන පථය වසා දැමෙන කාලය තුළදී සියලුම ගුවන් යානා මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් යානා ගොඩබැස්සවීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් මේ වනවිට සිදු කර ඇති බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn