මීට වසර 7කට පමණ පෙර ඝාතනය ලක්වූ සන්ඩේ ලීඩර් ප්‍රධාන කතෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බනධයෙන් සැක කෙරෙන යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයකු අද (16) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර බුද්ධි අංශ සාමාජිකයා ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ. ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පැමිණි පුද්ගලයින් දෙදෙනා පිළිබඳව ඇඳි ඡායාරූප දෙකක් මීට පෙර ප්‍රසිද්ධියට පත්කළ අතර ඉන් එක් ඡායාරූපයක් මෙම බුද්ධි අංශ සෙබලාගේ හැඩරුවට සමාන බව පැවසේ. සැකකරු ඉදිරියේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට සූදානම් බව පොලිසිය පවසයි.
Views: 0









