තුර්කියේ පාලන බලය ලබා ගැනීම සඳහා හමුදාව දියත් කළ කැරැල්ල මේ වනවිට සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට තුර්කි ආණ්ඩුව සමත්ව ඇති අතර කැරැල්ලට සම්බන්ධවූ හමුදා සාමාජිකයින් 1500ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
තුර්කි ජනාධිප රෙසිප් අර්ඩවාන් ඉස්තාම්බුල් නුවර සිට ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ තුර්කි හමුදාව පිරිසිදු කිරීමේ කාලය දැන් එළඹ ඇති බවයි. මෙම හමුදා කැරැල්ල හේතුවෙන් පුද්ගලයින් 190ක් ජීවිතක්ෂයට පත්ව තවත් 1,154 දෙනෙකු තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගනු ලැබූ හමුදා සාමාජිකයින් අතර හමුදා කැරැල්ල මෙහෙයවීමට සම්බන්ධ වූ ජෙනරාල්වරුන් 5ක් හා කර්නල්වරුන් 29 දෙනෙකු සිටින බව වාර්තා වේ.


Views: 0









