අසරණ වූ සාලාවේ ජනතාවට පොලිසියෙන් නඩු

සාලාව හමුදා කඳවුර පිපිරීමෙන් නිවාස අහිමි වූවන් මාර්ගය හරස් කොට විරෝධතා පැවැත්වීමෙන් මහජනතාවට පීඩා සිදුවූ බව පවසා එම ජනතාවට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පොලිසියට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සාලාව ප්‍රදේශවාසීන්ට අවස්ථා කිහිපයකදී කොළඹ – අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීමට සිදුවූයේ සාලාව කඳවුර විනාශයෙන් තමන්ට සිදුව ඇති විනාශයට ආණ්ඩුව කඩිනමින් වන්දි ලබා නොදීමටත්, ජීවත් වීමට අවශ්‍ය  සහන ලබා නොදීමටත් එරෙහිවය.

එම විරෝධතාවලදී මහජනතාවට පීඩා සිදුවූ බවට පැමිණිලි 8ක් කොස්ගම පොලිසිය වෙත ලැබී ඇති බව පොලිසිය පවසන අතර එම කරුණු සැලකිල්ලට ගෙන මහජනතාව පීඩාවට පත්කිරීමේ වරදට සාලාවේ ජනතාවට එරෙහිව නඩු පැවරීමට පොලීසිය සූදානම් වන බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn