ඒකාබද්ධ විපක්ෂය හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සිරිපාල ගම්ලත් හා ප්‍රේමලාල් ජයසේකර මහින්ද පිල මඟහරිමින් සිටින බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ඉදිරියේදී මහනුවරදී ආරම්භ කිරීමට සූදානම් වන පාගමන පිළිබඳව සාකච්ඡා කිරීමට පසුගිය දිනෙක බත්තරමුල්ලේදී රැස්වූ එම කණ්ඩායමේ රැස්වීමට සිරිපාල ගම්ලත් හා ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී නොවූ බව අනාවරණය වේ.
මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී නොවීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරී ඇති අතර ඔවුන් ඉදිරියේදී මහින්ද පිලෙන් ඉවත්ව ආණ්ඩුව හා එක්වීමට සූදානමින් සිටින බව රාජපක්ෂ පිලේ ප්‍රබලයකු එහිදී පවසා ඇත.
Views: 0









