කරූ දෙගිඩියාවක!

විගණකාධිපතිවරයා විසින් බැඳුම්කර නිකුතුවේදී සිදු කර තිබෙන වංචාව පිළිබඳව  කර ඇති සම්පූර්ණ විමර්ශන වාර්තාව කථානායකවරයා වෙත ලබා දීමත් සමග මේ වනවිට කථානායකවරයා දැඩි අසීරුතාවයකට ලක්ව සිටින බව එජාප ආරංචි මාර්ග අනාවරණය කරයි.

බඳුම්කර වංචාව පිළිබඳව රහසිගත තොරතුරු ඇතුළත් මෙම සම්පූර්ණ වාර්තාව සභාගත කරන ලැබුවහොත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා තොරතුරු අදාළ පාර්ශවයන් වෙත ලබා දීමට සිදු වේ. එජාපය මේ වනවිට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. එම වාර්තාව සභාගත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ බලය කථානායකවරයා සතුවන බැවින්  ඉදිරියේදී මෙම වාර්තාව සභාගත කරනවාද? නැද්ද? යන්න පිළිබඳව ගැටලුවකට  කථානයකවරයාට  මුහුණ දීමට සිදුව තිබේ.

මේ වනවිට බැඳුම්කර වංචාව සම්බන්ධව උගතුන්, බුද්ධිමතු, ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන්, දේශපාලන පක්ෂ ඇතුළු සියලුමදෙනාගේ දැඩි අවධානයක් යොමුව ඇති බැවින් එම තත්වය මඟහැර යාමට නොහැකි තත්වයක් උදාවී ඇත. විගණන වාර්තාව මඟහැර ගොස් පක්ෂය බේරාගන්නවාද? දූෂිතයින් හෙළිදරව් කර දඬුවම් ලබා දීමට කටයුතු කරනවාද? යන ගැටලුවකට කථානායකවරයා ඉදිරියේදී මුහුණ දීමට සිදුවේ.

Facebook
Twitter
LinkedIn