බලය අල්ලන්න තුර්කියේ හමුදා කුමන්ත්‍රණයක්!

තුර්කියේ රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා තුර්කි හමුදාවේ පිරිසක් ඊයේ (15) රාත්‍රියේ ආණ්ඩුවට එරෙහිව කටයුතු කර ඇති අතර පාලන බලය අල්ලා ගැනීමට සිදුකළ ගැටුම්වලදී පුද්ගලයින් 50කට ආසනන් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

තුර්කියේ පාලන බලය තමන් සතු බවට හමුදා කණ්ඩායමක් එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර කුමන්ත්‍රණය අසාර්ථක බවට තුර්කි ජනාධිපති රිසෙප් තයිප් එර්දෝගන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත් මේවනවිට තුර්කියේ පාලන බලය තහවුරුව තිබෙන්නේ කුමන කණ්ඩායම සතුවද යන්න නිශ්චිතවම තොරතුරු වාර්තා නොවේ.

තුර්කි හමුදාපතිවරයා කැරලිකාර හමුදා කණ්ඩායම් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වන අතර තුර්කි අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය බලය අල්ලා ගැනීමට කුමන්ත්‍රණය කිරීමේ වරදට මේ වනවිට 150කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මේ වනවිට කුමන්ත්‍රණය මැඩපැවැත්වීමට තුර්කි ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.  

තුර්කියේ ස්තාම්බුල් අගනුවර හා අන්කාරා නුවරට ඇතුළු වන සියලු මාර්ග හමුදා කණ්ඩායම් විසින් අවහිර කර ඇති අතර මේ වනවිට තුර්කිය තුළ මාර්ෂල් නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ජනතාවට නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙසත් හමුදා කණ්ඩායම් විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ. Turkish soldiers block Istanbul's Bosphorus Bridge, which separates the European and Asian sides of the city, on July 15, 2016.People stand on a Turkish army tank at Ataturk airport in Istanbul, Turkey July 16, 2016. © ReutersDamaged vehicles are seen in front of a military vehicle during an attempted coup in Ankara, Turkey July 16, 2016. © Stringer An armoured vehicle used in the coup attempt is taken over by police officers.

Facebook
Twitter
LinkedIn