කොළඹ ප්‍රදේශ රැසකට හෙට පැය 12ක් ජලය කපයි

මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය, හෝමාගම, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තේගොඩ, ගොඩගම මීපේ, හංවැල්ල, කළුඅග්ගල හා පාදුක්ක යන ප‍්‍රදේශයන්හි ජල සැපයුම සෙනසුරාද (16) දහවල් 12.00 සිට මධ්‍යම රාත‍්‍රී 12.00 දක්වා පැය 12ක කාලයක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව තිබෙන්නේ කලටුවාව ජල පවිත‍්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්  බව  ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

Facebook
Twitter
LinkedIn