මාලබේ සයිටම් වෛද්‍ය උපාධි ආයතනය අහෝසි කිරීමට ආණ්ඩුවට බලකරමින් ශිෂ්‍ය, වෛද්‍ය, වෘත්තීය සමිති උද්ඝෝෂණ ව්‍යාපාරවල හා අඛණ්ඩ සත්යග්රහවල යෙදී සිටින අතර අවස්ථාවාදී සුළු පිරිසක් සයිටම් ආයතනය “ජනතු කිරීම” යන්නට මුවා වී එම ආයතනය රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයතනයක් ලෙස පවත්වා ගැනීමට දරණු ලබන උත්සාහයක් පිළිබඳ වාර්තා වන බව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය (CAPMC) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම ආයතනය ජනසතු කළ යුතු නම් ජන සතු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ 09වන වෛද්‍ය පීඨය ලෙස එහි පවතින ගොඩනැගිලි පමණක් බවත් ඉන් පසු සම්මත ක්‍රමවේදයට අනුව වෛද්‍ය සිසුන් බඳවාගත යුතු බවත් දැනට මුදලට වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වී ඇති කිසිම සිසුවකු ඇතුළත් කර ගත යුතු නොවන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් “ජනසතු කිරීම” යන්නට මුවා වී සයිටම් ආයතනය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ආණ්ඩුවට හා අවස්ථාවාදීන්ට එරෙහිව දැඩි විරෝධය පලකර සිටින බවත් එම මධ්‍යස්ථානය සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසා සිටියි.









