ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ පරීක්ෂණකණ්ඩායම් නොමග යවමින් එම ඝාතනය වසන් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර කර සිටින හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් කොළඹ මහාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ගොනු කර ඇති පෙත්සමෙන් පවසා ඇත්තේ සීම් තාජුඩීන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට කිසිදු සාක්ෂියක් නොමැතිව තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ලෙස තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇති බවය.
එමෙන්ම තමන්ට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයද නීතියට පටහැනි බවත් එම නියෝගයද අවලංගු කොට තමන්ට ඇප ලබාදෙන ලෙසත් ඔහු කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.
කෙසේ නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ පවසා තිබූ කරුණුවලින් අනාවරණය වූයේ අනුර සේනානායක මහතා පැහැදිලිවම එම ඝාතනය වසං කිරීමට කටයුතු කර ඇති බවය.









