නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරයට

(ඡායාරූප සංස්කරණය) අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්  රාජපක්ෂ ලබන 18 වැනි දා තෙක්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මීට සුළු මොහොතකට පෙර නියෝග කළාය. 

2013 වසරේදී රගර් තරගාවලියක් සංවිධානය සඳහා ක්‍රිෂ් නමැති සමගාම විසින් සැකකරුට ලබා දුන්නැයි කියන රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතය හා මුදල් විශුද්ධිකරණය යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කැර තිබූ අතර එම සිද්ධියට අදාළව අද (11) පෙරවරුවේ කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා නාමල් රාජපක්ෂව කැඳවා තිබූ අතර එම ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Facebook
Twitter
LinkedIn