නාලන්ද විදුහලේ ගුරුවරයෙකු ලෙස කටයුතු කරන සුසන්ත හේරත් මහතාට පාසලේ සිසුන් පිරිසක් ලවා සැලසුම් සහගතව පහරදීමක් සිදුකිරීම සම්බන්ධයෙන් එම විදුහලේ විදුහල්පති රංජිත් ජයසුන්දර මහතා බොරැල්ල පොලිසිය මඟින් අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍යයැයි බොරැල්ල පොලීසිය මාධ්‍ය වෙත පවසා තිබේ.
එම විද්‍යාලයයේ විදුහල්පතිවරයා අදාල චෝදනාව සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විසින් අද (11) දින කැඳවා තිබූ නමුත් නොපැමිණි බවද පැවසේ.
සුසන්ත හේරත් ගුරු මහතාට පහර දීමට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ගුරු සංගම් පොලිසියෙන් ඉල්ලා සිටියි.
Views: 0









