“රාජපක්ෂ පාලන සමය විශාල ව්‍යාපෘති මගින් අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කළා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය ආයතනවලට තමන්ගේ ඥාතීන් පුරවලා මුදල් නාස්ති කරනවා. එවැනි පාඩු වළක්වා ගන්න තමයි විගණන සේවා කොමිසමත් විගණකාධිපතිවරයෙක් රටකට අවශ්‍ය වෙන්නේ. විගණකාධිපතිවරයා සිදු කරන්නේ රටටත් මහා භාණ්ඩාගාරයටත් සිදුවන පාඩුව වැළැක්වීමයි. මේ නාස්තිය දූෂණය වළක්වනවාට ආණ්ඩුව අකමැති ඇයි?”දැයි ජනතාතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ත් මහතා අද (11) පෙරවරුවේ බත්තරමුල්ල, පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
කෙටුම්පත්කර ඇති විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පැවති මෙම මාධ්‍ය හමුව සඳහා ජවිපෙ මධ්‍යමකාරක සභික බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල මහතාද සහභාගීවී සිටි අතර එහිදී තවදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා…
“2003දී එක්සත් ජාතික පක්ෂය තම පාලන කාලයේදී උත්සාහ කළා, රටේ නීති-රීති වෙනස් කරමින් තමන්ගේ නව ලිබරල්වාදී ආර්ථිකයට ගැලපෙන ආකාරයෙන් ඒවා සකස් කරගන්න. නමුත් ඒ වෙලාවේ ජනතා උද්ඝෝෂණ නිසා ආණ්ඩුවට ඒ දේවල් අතඅරින්න වුණා. සුරා බදු පනත, රේගු පනත වෙනස් කරන්න ඔවුන් උත්සාහ කළා. විදුලි බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න උත්සාහ කළා. විවිධ ආයතන අධිකාරී බවට පත් කරන්න උත්සාහ කළා. මේ ක්‍රියාවලියට එරෙහිව නැගුණු ජනතා විරෝධය හමුවේ ඒවා හකුළා ගන්න සිදුවුණා පමණක් නොවෙයි අවසානයේ එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව දාලා විපක්ෂයට යන්න සිද්ධ වුණා.
දැන් තිබෙන මෛත්‍රී-රනිල් හවුල් පාලනය එම පැරණි ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න යනවා. මෛත්‍රී-රනිල් ආණ්ඩුව මේ සෙල්ලම් කරමින් ඉන්නේ ජන වරමත් සමඟයි. මහජනතාවගේ ජනවරමට පිටුපාන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. මේ ආණ්ඩුව හදපු ජනතාවගේ වරම තිබුණේ නාස්තිය, දූෂණය, වංචාවට එරෙහිවයි. මේ ආණ්ඩුව එම මතය නියෝජනය කළ යුතුයි. දින 100 ආණ්ඩුව කාලයේ දූෂණ මර්දනය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග සඳහා අපිත් මැදිහත් වුණා. නමුත් අද ජනතාවට දුන් පොරොන්දු උපන් ගෙයි මරා දාලා සුපුරුදු නව ලිබරල් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් තිබෙනවා.
ජාතික විගණන පනත එම ක්‍රියාමාර්ගවලට හොඳම උදාහරණයයි. ජනතාවගේ බලපෑම නිසා මේ ආණ්ඩුවට 19වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න සිදුවුණා. එම සංශෝධනයන්ට අනුව ජාතික විගණන සේවා කොමිසම පිහිටුවන්න සිදුවුණා. එම කොමිසම සඳහා දැන් නව කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් එම ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කිරීම සඳහා අවශ්‍ය ජාතික විගණන පනත තවමත් සම්මත කර නැහැ. ජාතික විගණන සේවා කොමිසම බලාත්මක කරන නීතිය තමයි ජාතික විගණන පනත. එම පනත ප්‍රමාදය කිරීම නිසා විගණකාධිපතිවරයාට තමන්ට අවශ්‍ය නිලධාරීන් පවා පත්කරගැනීමට නොහැකි වී තිබෙනවා. පනත ප්‍රමාදය නිසා විගණකාධිපතිවරයාගේ වැටුපවත් ලබාගන්න නොහැකි වෙලා තිබෙනවා. විගණන පනත හරහා ජාතික විගණන සේවා කොමිසමට බලය පැවරිය යුතුව තිබෙනවා. නමුත් දැන් කොමිසමට අවශ්‍ය ප්‍රතිපාදන නැහැ. අද විකණකාධිපතිවරයා පිළිබඳව විශාල සාකච්ඡාවක් මතුවෙලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, ගිණුම් කාරක සභාව වැනි කමිටුවලට විගණකාධිපතිවරයාගේ මැදිහත්වීමත් සමඟ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව විගණකාධිපතිවරයා ලබාදුන් පිටු 1251ක ඓතිහාසික වාර්තාව නිසා ඔහුගේ කාර්යභාරය පිළිබඳව සමාජයේ ඇගයීමක් තිබෙනවා. මේ ආණ්ඩුව ජනවරමට අනුව කටයුතු නොකළත් විගණකාධිපතිවරයා ජනවරම නියෝජනය කරමින් කටයුතු කරනවා. රටේ ජනතාව විගණකාධිපතිවරයා පිළිබඳව විශ්වාසයකින් ඉන්නවා.
මේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය ගැන කියමින්, නීතියේ ස්වාධීනත්වය ගැන කියමින්, නාස්තිය-දූෂණය පිටුදකිනවා කියමින්, යහ පාලනය ගොඩනගනවා කියමින් සිදුකරන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිව අතරමඟ නතර කොට තිබෙනවා. එජාප ඇමතිවරු කියනවා විගණන පනතෙන් ජාතික ආරක්ෂාවට අදාල කරන වගන්ති තිබෙන නිසා කැබිනට් අනු කමිටුවක් දාලා ජාතික ආරක්ෂාවට අදාල කරන වගන්ති පිළිබඳ හොයනවා කියලා. අපි අභියෝග කරනවා එම ජාතික විගණන පනතේ ජාතික ආරක්ෂාවට හානිකරන වගන්ති එකක් හෝ පෙන්වන්න කියලා. මේ ආණ්ඩුව ඉදිරිපත් කරන්නේ කප්පාදු කරපු පනත් විතරයි. මෑතකදී තොරතුරු පනත සම්මත කළා. තොරතුරු දැනගන්න ගියාම අපිට බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ජාතික විගණන පනතත් මේ විදියටම බලය අඩු කරලා ගේන්න හදනවා. මෙම ජාතික විගණන පනතේ 21 වගන්තියට අනුව නිලධාරීන්ට අධිභාර පනවන්න පුළුවන්. වැරදි කරන නිලධාරීන්ගෙන් පාඩුව අයකරගන්න පුළුවන්. අපේ රටේ පරිපාලන නිලධාරීන් කරන වැරදි, වැරදි නෙවෙයිද? සුදු කරපටි අපරාධ ගැන කථා කරන්නේ නැත්තේ ඇයි? ජීවත් වෙන්න අමාරු මිනිහෙක් පොල් ගෙඩියක් කැඩුවොත් ඒක මහා අපරාධයක් ලෙස දකින, සී.සී.ටී.වී. කැමරාවලින් අපරාධ හොයන අපේ රටේ වයිට් කොලර් ක්‍රයිම් ගැන හෙළිදරව් නොකරන්නේ ඇයි? එම අපරාධකරුවන් දේශපාලන බලයේ ආනුභාවයෙන් අපරාධ කරනවා. එවැනි සුදු කරපටි අපරාධකරුවන් මේ විගණන පනතට බයයි.
රජයක් පවතින්න ඕනනම් ඉහළ පහළ භේදයකින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදිය යුතුයි. මහජන ජනවරම ලැබුණේ ඒ සඳහායි. අපි ආණ්ඩුවට බලකරනවා ජාතික විගණන පනත කිසිදු සංශෝධනයකින් තොරව පාර්ලිමේන්තුවට ගේන්න කියලා. ආණ්ඩුවට කරන්න අවශ්‍ය සංශෝධන තිබෙනවා නම් ඒක පාර්ලිමේන්තුවේදී කරමු. එවිට සංශෝධනය කරන දේවල් පිළිබඳව ජනතාවට බලාගන්න පුළුවන්. වැරදි කරපු අයගෙන් අයකරගන්න දැනටත් නීතිමය ප්‍රතිපාදන තිබෙනවා. එය තවදුරටත් බලාත්මක කිරීමට, විගණන ක්‍රියාවලියකට යටත් කිරීමට පාර්ලිමේන්තුවට යටත් කිරීමට ආණ්ඩුව විරුද්ධ වෙන්නේ ඇයි? ඒවාට අදාල කරන වගන්ති ඉවත් කරන්නේ ඇයි? මේ කරමින් තිබෙන්නේ නීතිමය බලතල හෑල්ලු කිරීමක්. නීතිමය ප්‍රතිපාදන හෑල්ලු කිරීමෙන් ආණ්ඩුව කියන්න උත්සාහ කරන්නේ තමන් හොරු අල්ලන්න දෙන්නේ නැහැ කියලයි. තමන් හොරු ආරක්ෂා කරනවා කියන එකයි. මහින්ද රාජපක්ෂ පාලනය කාලයේ හොරු රැකපු විදිහටම මෛත්‍රී-රනිල් ආණ්ඩුව කියන්නෙත් හොරු ආරක්ෂා රකිනවා කියලද?
අද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු විගණකාධිපතිවරයාගේ වාර්තාවලට ගහන්න පටන් අරගෙන. ලක්ෂ්මන් කිරිඇල්ල විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අඩුපාඩු විවේචනය කරනවා. විගණකාධිපතිවරයා තමන්ට තිබෙන සීමාකම් හමුවේ මහ බැංකු බැඳුම්කර පිළිබඳව විගණන වාර්තාවක් ඉදිරිපත් කළා. ලක්ෂ්මන් කිරිඇල්ල ඒක විවේචනය කරනනේ ඔහුගේ අමාත්‍යාංශ්‍යට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ උපදේශකවරු පත්කිරීමක් පිළිබඳව මේ දිනවල විගණන පරීක්ෂණයක් සිදුවන නිසාද? අමාත්‍යාංශයට සුදුසුකම් නොමැති පුද්ගලයින් පත්කරන විට ඒ ගැන පරීක්ෂයක් කිරීම, අඩුපාඩු පෙන්වා දීම විගණකාධිපතිවරයාගේ කාර්යභාරයයි. විගණකාධිපතිවරයාට තිබෙන එම ස්වාධීනත්වය හෑල්ලු නොකර ඇමතිවරුන් කළ යුත්තේ තමන්ගේ අඩුපාඩු හදා ගැනීමයි. එසේ නැතිව ඇමතිවරු පනත් අක්‍රීය කිරීම සිදු නොකළ යුතුයි. තමන්ගේ අඩුපාඩු පෙන්වා දීම පිළිබඳව ඇමතිවරු විගණකාධිපතිවරයාට ස්තුති කරනවා වෙනුවට අද කරන්නේ ඔහුට පහර දීම.
මේ වනවිට විගණන නිලධාරීන් පනත සංශෝධනය කිරීමට ආණ්ඩුවට විරෝධය පළකරලා විගණන කටයුතුවලින් ඉවත් වෙනවා කියලා ප්‍රකාශ කර තිබෙනවා. අපේ රටේ ඇමතිවරු නම් ඒකට ගොඩක් කැමති වෙයි. ඇමතිවරුන්ට ඕනවෙලා තිබෙන්නේ මෙම විගණන කටයුතු අඩපණ කරන එකයි. විගණකාධිපති දෙපාර්තමේන්තුව වහලා දානවා නම් මේ ඇමතිවරුන් ගොඩක්ම කැමති වෙයි. ඒකද ‘යහ පාලනය’ කියන්නේ? මේ ආණ්ඩුව තමන්ට බලය ගන්න ඕන වුණාම දූෂණයට එරෙහිව මත හැදුවට බලය ගත්තාම ඒ මතය නියෝජනය කරන්නේ නැහැ. අපේ රටේ ජනතාවට මාධ්‍යවේදීන්ට අවංක වුවමනාවක් තිබෙනවා, වංචාව-දූෂණය, නාස්තිය නතර කරන්න. තමන්ගේ බදු මුදල්වලට සාධාරණය වෙනවාට අපේ රටේ ජනතාව කැමතියි. ඒ නිසා විගණන සේවා කොමිසම බලාත්මක කරන ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ වගේම වගන්ති කප්පාදු නොකර එම පනත පාර්ලිමේන්තුවට ගේන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.
මේ දිනවල අපේ රටේ ව්‍යාපාරිකයින් ස්වාධීනව පාරට බැහැලා වැට් බදුවලට විරෝධය පළකරනවා. දේශපාලන භේදයකින් තොරව ජනතාව උද්ඝෝෂණය කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ අපිත් ව්‍යාපාරිකයින් සමඟ, ජනතාව සමඟ එක්වී වැට් බදු විරෝධී උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා. රවී කරුණානායක කියනවා මේ විරෝධතා පවත්වන්නේ බදු නොගෙවන ව්‍යාපාරිකයින් කියලා. එතකොට රවී කියන්නේ අපේ රටේ සියලු ව්‍යාපාරිකයින් බදු ගෙවන්නේ නැහැ කියලද? ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කිරිබත්ගොඩ, අම්පාර ඇතුළු සියලුම නගරවල කඩ වහපු ව්‍යාපාරිකයෝ බදු ගෙවන්නේ නැහැ කියලද රවී කරුණානායක කියන්නේ? ව්‍යාපාරිකයන් බදු ගෙවන්නේ නැත්නම් ඒ අඩුපාඩුව තිබෙන්නේ ආණ්ඩුවෙයි. ව්‍යාපාරිකයින් බදු අයකරගන්න ආණ්ඩුවට බැරිනම් ඒකට වගකියන්න ඕනේ රටේ මුදල් ඇමතිවරයායි. ඒ නිසා ආණ්ඩුවේ ඇතමුන් කරන මේ ප්‍රකාශ ඔවුන්ගේ දැනුමට තරම් නොවන ප්රකාශයි. මෙම ඇත්ත විරෝධය ආණ්ඩුව තේරුම්ගත යුතුයි. මේ ජනතාවගෙන් නැගෙන විරෝධය පක්ෂයක් විදියට අපි නියෝජනය කරනවා. සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ උද්ඝෝෂණයක් වෙනකොට අතැම් රෝගීන් එයට විරෝධය පළ කරනවා. නමුත් වැට් බදුවලට විරෝධය පළ කරලා ව්‍යාපාරිකයෝ කඩ වහනකොට ජනතාව ඒකට විරුද්ධ වුණේ නැහැ. මොකද මේ වැට් බදු සියලු දෙනාටම බරක් වෙලා. ආණ්ඩුව කියනවා මේක තාවකාලිකයි කියලා. ආණ්ඩුවේ ‘අද නොවෙයි හෙට සහන’ කවදා වෙනකම් ජනතාව බලාගෙන ඉන්නද? ඇත්ත කතාව ආණ්ඩුව විශාල ආර්ථික අර්බුදයක ඉන්නවා කියන එකයි.
ආණ්ඩුව අද වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදෙස් බැඳුම්කර නිකුතුවක් සිදුකර තිබෙන බව වාර්තා වෙනවා. අගෝස්තු වෙනකොට තමන්ගේ ණය වාරික ගෙවාගන්න සල්ලි හොයාගන්න බැරි අර්බුදයක මේ ආණ්ඩුව ඉන්නවා. ඒවා හොයාගන්න වෙන්නේ ජනතාවට ගහන බදුවලින්, විදේශ ණයවලින් හෝ විදේශ බැඳුම්කර මගින්. මේ ආණ්ඩුව ගන්න හැම ණයක්ම ගෙවන්න වෙන්නේ අපේ රටේ ජනතාවටයි. මහින්ද රාජපක්ෂ පාලනයේ පව්වලට වගේම මේ ආණ්ඩුවේ පව් ගෙවන්න වෙලා තිබෙන්නේ අපේ රටේ ජනතාවටයි. 2015 මැයි මාසයේ විගණකාධිපති වාර්තාව එළිදැක්වුවා. එම වාර්තාවට අනුව මහින්ද රාජපක්ෂ පාලන කාලයට අදාළව 2013 වර්ෂයේ ආදායම් බදු ගැනත් සඳහන් වෙලා තිබෙනවා. එයට අනුව රුපියල් බිලියන 232ක ආදායම් බදු ප්‍රමාණයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට අයකරගන්න බැරිවෙලා තිබෙනවා. ජනතාවගේ ලේ පරීක්ෂාවෙන්, මූත්‍රා පරීක්ෂාවෙන්, රී-ලෝඩ් එකෙන් බදු අයකරගන්නා ආණ්ඩුවට ලැබිය යුතු ආදායම් බදු ප්‍රමාණය අයකරගන්න බැරිවෙලා තිබෙන්නේ ඇයි? මේවා ගැන තමයි ආණ්ඩුව සෙවිය යුත්තේ.
රාජපක්ෂ පාලන සමය විශාල ව්‍යාපෘති මගින් අපේ රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි කළා. ඒ වගේම මේ ආණ්ඩුවේ ඇමතිවරු රාජ්‍ය ආයතනවලට තමන්ගේ ඥාතීන් පුරවලා මුදල් නාස්ති කරනවා. එවැනි පාඩු වළක්වා ගන්න තමයි විගණන සේවා කොමිසමත් විගණකාධිපතිවරයෙක් රටකට අවශ්‍ය වෙන්නේ. විගණකාධිපතිවරයා සිදු කරන්නේ රටටත් මහා භාණ්ඩාගාරයටත් සිදුවන පාඩුව වැළැක්වීමයි. මේ නාස්තිය දූෂණය වළක්වනවාට ආණ්ඩුව අකමැති ඇයි?
නීතිඥ සුනිල් වටගල මහතා අදහස් දක්වමින්…
මේ වෙලාවේ ආණ්ඩුව නව රේගු පනතක් ගේන්න උත්සාහ කරනවා. තිබෙන රේගු පනතට සංශෝධනයක් ලෙස නොව නව රේගු පනතක් විදියටයි මෙම පනත ගේන්න නියමිත වෙලා තිබෙන්නේ. ඒ සඳහා ආණ්ඩුව කියන හේතුව තමයි දැන් තිබෙන රේගු පනත ඉතා පැරණි එකක් කියන කාරණය. පනතේ පළමු වාක්‍යයෙන්ම ආණ්ඩුව කියන්න උත්සාහ කරන්නේ එයයි. දැන් තිබෙන රේගු පනතේ වගන්ති 167ක් තිබුණා. 1988දී එයින් වගන්ති දෙකක් ඉවත් කළා. ඉතිරි වුණු වගන්ති 165න් 125ක්ම සංශෝධනය කර තිබෙනවා. රේගු පනතේ අරමුණු 4ක් තිබෙනවා. බදු අයකර ගැනීම, නීතිය බලාත්මක කිරීම, ව්‍යාපාරිකයින්ට සහන සැලසීම සහ සමාජ ආරක්ෂණයයි.
මෙම දැනට තිබෙන රේගු පනත හරහා දේශපාලකයන්ට තමන්ගේ සුවච කීකරු ගෝලයින් නීතිමය හබයකට කොටු වීම වළක්වා ගැනීම අසීරු වෙලා තිබෙනවා. ඒ නිසා ඔවුන් උත්සාහ කරනවා නීතිය ලිහිල් කරන්න. මෙම රේගු පනත තවත් නීතිමය අණපනත් ගණනාවකට සම්බන්ධ වෙනවා. සුරා බදු වැටලීමක් කළොත් එය සුරාබදු පනතට සම්බන්ධ වෙනවා. මත්ද්‍රව්‍ය වැටලීමක් කළොත් ඒ හා සම්බන්ධ නීතිවලට සම්බන්ධ වෙනවා. වාහන වැටලීමක් කළොත් ඒ හා සම්බන්ධ නීතිය සමඟ සම්බන්ධ වෙනවා. නමුත් දැන් නව රේගු පනත හරහා සිදුකරන්න යන්නෙ එම නීතිමය අණපනත් සමග තිබෙන සම්බන්ධය ඉවත්කරලා අදාළ ඇමතිවරයාට අනුව කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස්කර ගැනීමයි.
උදාහරණයක් හැටියට ගත්තොත් විදුලි උපකරණ සමඟ මැණික් ගල් ආනයන කර තිබුණොත් දැනට තිබෙන රේගු පනත අනුව එම මැණික් ගල් රාජසන්තක කිරීමටත් එහි වටිනාකමට අනුව තුන් ගුණයක දඩයක් නියම කිරීමටත් ප්‍රතිපාදන තිබෙනවා. නව රේගු පනතට අනුව කරන්නේ මේ මැණික් ගල්වලට බද්ධක් අය කරන එකයි. තව අවස්ථාවක් තිබෙනවා මැණික් ගල් විදුලි උපකරණ සමග ඇවිත් තිබෙන්නේ අතපසුවීමකින් කියනවානම් මැණික් ගල් සඳහා 2%ක බද්දක් අයකරනවා. නොසැලකිල්ලෙන් සිදුවුණා කියනවා නම් 5%ක බද්ධක් අයකනරවා. හිතාමතාම මැණික් ගල් ආනයනය කර තිබෙනවා කියා තහවුරු වුවහොත් 200%ක බද්දක් අය කළ හැකියි. ඒ වගේම ඒ සම්බන්ධව ඇමතිවරයාට ඇපීල් බෝඞ් එකක් පත්කොට පරීක්ෂණයක් සිදුකොට භාණ්ඩ ආනයනය කරන ලද පුද්ගලයා නිවැරදිකරු වුවහොත් රේගු නිලධාරියා ගෙදර යවන්නත් හැකියාව තිබෙනවා. මේක තමයි නව රේගු පනතෙන් ආණ්ඩුව කරන්න යන්නේ. මේ හේතුවෙන් සමාජ ආරක්ෂණය බරපතළ තත්වයකට පත්වෙනවා. අපේ රටේ තිබෙන සිවිල් නීතිය එක්දාස් අටසිය ගණන්වල සුද්දා හදපු එකක්. සාක්ෂි ආඥා පනතේ අඩුපාඩු තිබෙනවා නම් එංගලන්තයේ සාක්ෂි ආඥා පනත යොදාගන්න කියලා ප්‍රතිපාදනයකුත් තිබෙනවා. එසේ තිබියදී රේගු පනත විතරක් කොහොමද පැරණි එකක් වුණේ? ඒ නිසා මෙතන ජාවාරමක් තිබෙනවා. මේ වනවිට රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම නව පනතට එරෙහිව දැවැන්ත අරගලයක ඉන්නවා. මේ කුමන්ත්‍රණය හඳුනාගන්න ඕනෑ. දැනට තිබෙන බලාත්මක නීතිය සොච්චම් නීතියක් බවට පත්කරන්න ඇමතිට ඕන විදියට හසුරුවන්න පනතක් ගේනන යනවා.
ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕන. දින 100 ආණ්ඩුව කාලයේ මේ ආණ්ඩුව කිව්වා, දූෂිතයින්ට දඬුවම් දෙන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. ඒක මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කළා. අධිකරණ ඇමති දැන් කියනවා විශේෂ අධිකරණයක් පිහිටුවීම ව්‍යවස්ථාවට පටහැණියි කියලා. අපිට අහන්න තිබෙන්නේ පටහැණි නම් දින 100 ආණ්ඩුවේ වැඩපිළිවෙළට දැම්මේ ඇයි කියලයි. මේ ආණ්ඩුව හිතාමතාම ජනතාව මුළා කරන්න දාපු වගන්තියක් කියලා දැන් අපිට පැහැදිලියි. විශේෂ අධිකරණයක් පිහිටුවනවා නම් එම අධිකරණය වේගයෙන් ක්‍රියාත්මක වෙලා දූෂිතයින්ට එරෙහිව නඩු අහන්න පුළුවන්. අපි ආණ්ඩුවට කියනවා දූෂිතයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ආණ්ඩුව ගේන්න යන නව රේගු පනත නිසා තව තවත් දූෂිතයින් බිහිවෙන්න ඉඩකඩ විවෘත වෙමින් තිබෙනවා.
සුනිල් හඳුන්නෙත්ති මහතා අදහස් දක්වමින්…
“මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව ක්‍රියාත්මක වෙන්නේ අපරාධ නීතියයි. රේගු නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය වැටළීමක් කළොත් එහි ඉදිරි පරීක්ෂණ කටයුතු පොලීසියට බාර දෙනවා. ඒ හරහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට බරපතළ සිර දඬුවම් හෝ මරණ දඬුවම ලබාදිය හැකිව තිබෙනවා. නමුත් නව රේගු පනත මගින් එම බලය ඇමතිවරයා තමන් යටතට ගන්නවා. එවිට ඇමතිවරයා තමයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව දඬුවම් තීරණය කරන්නේ. එතකොට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇමතිවරයා සමඟ අල්ලස් ගනුදෙනුවක් වුණත් කරන්න පුළුවන්. අපේ රටේ ව්‍යාපාරිකයෝ ඇමති තනතුරට පත්වුණාම තිබෙන ප්රශ්නය මේක තමයි. ලෝකයේ වෙනත් රටවල ඇමති තනතුරු දරන විට එම ඇමතිවරයා තමන් නියෝජනය කරන ක්ෂේත්රයේ ව්‍යාපාරවලින් ඉවත් විය යුතුව තිබෙනවා. නමුත් ලංකාවේ වෙන්නේ ඇමතිවරු බලය පාච්චි කරමින් තමන්ගේ ව්‍යාපාර කටයුතුවට අදාළ කරන නීති සම්මත කරන එකයි. මේක බරපතළ තත්වයක්. ඒ නිසයි අපි කියන්නේ මෙම අණපනත්වලට විරෝධය පළ කරන්න ප්රතිිඵල දකිනකම් ඉන්න එපා කියලා. මෙම අනපනත් සම්මත වීමට එරෙහිව පුළුල් මහජන මතයක් ඇතිකරන්න පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
“විගණන පනත කප්පාදු නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මෙම විගණන පනත නීතිපතිවරයා පිළිගන්නවා නම්, නීති සම්පාදන මණ්ඩලය අනුමත කරනවා නම් ආණ්ඩුව මොකටද ඇමති අනු කමිටුවක් දාලා ඒ පනත සංශෝධනය කරන්නේ? ආණ්ඩුවේ හොරකම් වහගන්න මේ පනත සංශෝධනය කරනවා නම් ඒකට අපි විරුද්ධයි. මෙය විගණකාධිපතිවරයාගේ ප්‍රශ්නයක් විතරයක් නෙවෙයි. මේක මුළු රටේම ප්‍රශ්නයක්. හොරකම්, නාස්තිය දූෂණය කරනවාට අපි සියලු දෙනා විරුද්ධ වෙන්න ඕනෑ.
පනත්වල දැන් තිබෙන නීතිරීතිවලින් ඇතැම් වැරදිවලට දඬුවම් ලබාදෙන්න ඕනෑතරම් ප්‍රතිපාදන තිබෙනවා. තව දුරටත් වංචා-දූෂණ-නාස්තිය වළක්වන්න ඕනෑ නම් කළ යුත්තේ තිබෙන නීති තවත් බලාත්මක කරන එකයි. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ දැන් තිබෙන නීති ලිහිල් කරන එකයි.
මේ ආණ්ඩුව වංචා-දූෂණ පිළිබඳව කි‍්‍රයාත්මක වෙන්නේ දේශපාලන වුවමනාවක් මතයි. ඒක තමයි අඩුව. වංචා-දූෂණ පිළිබඳව ආණ්ඩුව කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ කියන හැඟීම ජනතාව තුළ ඇතිවන්නේ ඒ නිසයි. ආණ්ඩුව කළ යුත්තේ අදාල ආයතනවලට ස්වාධීන අයිතිය ලබාදීමයි. මෙම වංචා-දූෂණ පිළිබඳව කි‍්‍රයාත්මක වීමට ආණඩුව ලබාගන්නා කාලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. 2020 මැතිවරණය එනකම්ම කල් ලබාගන්නවාද කියන එක අපිට ගැටලුවක්. ඒ නිසාම තමයි අපි යෝජනා කරන්නේ වංචා-දූෂණ පිළිබඳව විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා.
අපි ආණ්ඩුවෙන් අහනවා තවදුරටත් අපරාධ සිදුවෙන්න ඉඩ තියන්නේ ඇයි කියලා.? මේ අපරාධවලට සම්බන්ධ වෙන හොරු දන්නවා තමන්ට එරෙහි ෆයිල් එක යන්නේ මොන පාරේද කියලා. ඒ ෆයිල් අතරමගින් නතර කරගන්නත් එම අපරාධකරුවන්ට පුළුවන්කම තිබෙනවා. පහුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ ආණ්ඩුවට පක්ෂ අය දේශපේ‍්‍රමීන් වූ අතර ආණ්ඩුවට එරෙහි අය දේශද්‍රෝහීන් වුණා. ඒ වගේම තමයි මේ ආණ්ඩුව සමයේ තමන්ට විරුද්ධ පුද්ගලයින් හොරුන් වන අතර ආණ්ඩුවට එකතු වන පිරිස් පිරිසිදු පුද්ගලයින් වෙනවා. ඒකද තිබෙන නිර්ණායකය? ඒ නිසා දැන් සිදුවෙමින් තිනේනේ හොරු ආණ්ඩුවට ගිහින් නිවැරදි පුද්ගලයින් ලෙස භෞතීස්ම ලබන එකයි. අපි මේ වෙලාවේ කරන්නේ මේ හොරු ගැන හෙළිදරව් කරන එකයි. නමුත් ඉන් එහාට ගිහින් දූෂිතයින්ට එරෙහිව ක්‍රියාත්මක වෙන්න නම් ජනතා බලයක් ගොඩනගන්න ඕනෑ.”










