SYU, සයිප්‍රසයේ EDONහි 29 වන තරුණ හා ශිෂ්‍ය උළෙලට

සයිප්‍රසයේ වැඩ කරන ජනතාවගේ ප්‍රගතිශීලි පක්ෂය (AKEL)හි තරුණ හා ශිෂ්‍ය අංශයවන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංවිධානය (EDON) 29 වන වරට සංවිධානය කළ තරුණ, ශිෂ්‍ය උළෙල හා ජාත්‍යන්තර සම්මන්ත්‍රණය පසුගිය 6සිට 8 දක්වා සයිප්‍රසයේ නිකොසියා නගරයේ පැවැත්වුනි. මෙම තරුණ හා ශිෂ්‍ය උළෙලට EDONහි ආරාධනයෙන් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංගමයේ WFDY මූලස්ථානය නියෝජනය කරමින් පුබුදු සමරවීර මහතා, සයිප්‍රසයේ ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක දයානන්ද හේරත් මහතා, සමාජවාදී තරුණ සංගමයේ සයිප්‍රසයේ සංවිධායක චම්පික මහතා ඇතුළු කීපදෙනෙක්ම සහබාගිවී තිබේ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනයේ (WFDY) වර්තමාන සභාපති නිකලාස් පපාදිමිත්‍රී මහතාද EDON තරුණ සංගමය නියෝජනය කරයි.

මෙම තරුණ හා ශිෂ්‍ය උළෙල කොමියුනිස්ට් තරුණ සංගම් මගින් ලෝකයේ පවත්වනුලබන දේශපාලන හා සංස්කෘතික උළෙලවලින් ප්‍රධාන තැනක් ගන්නා අතර මීට ජාත්‍යන්තර සහෝදරත්වය හා සහයෝගිතාවය රැගෙන ශ්‍රී ලංකාවේ සමාජවාදී තරුණ සංගමයට අමතරව නේපාලය, බ්‍රසීලය, පෘතුගාලය, ඉතාලිය, ග්‍රීසිය, ප්‍රංශය, ස්පාඤ්ඤ, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව, සිරියාව හා පලස්තීනය යන රටවල කොමියුනිස්ට් තරුණ සංගම් නායකයින් හා අධිරාජ්‍ය විරෝදී සංවිධානරැසක නියෝජිතයන් සහබාගී වී තිබුණි.

මෙම තරුණ උළෙලට සමගාමීව ජුලි 07 වන දින “සරණාගත ප්‍රශ්නය සම්බන්දයෙන් නේටෝව හා යුරෝපා සංගමයේ භූමිකාව හා මැදිහත්වීම” මැයෙන් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුනි, AKEL පක්ෂයේ ජාත්‍යන්තර සහෝයෝගිතා කමිටු ප්‍රධානි, මධ්‍යම කමිටු සාමාජික වේරා පොලිකාපවූ මහත්මිය එහි මුලසුන දරන ලද අතර EDON තරුණ සංගමයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද කමිටු ප්‍රධානී මරියානා මහතාත්, ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලන (WFDY) නියෝජය කරමින් එහි සභාපති නිකලාස් පපාදිමිත්‍රී මහතාත් උපසභාපති  පුබුදු සමරවීර මහතාත් මිට සහබාගි විය.

ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී, උතුරු ඇමරිකා හා යුරෝපා අධිරාජවාදී රටවල් තමන්ගේ බල අවශතා සපුරා ගැනීමටත්, රටවල සම්පත් සුරා කෑමටත්, රටවල් අස්ථාවර කිරීමටත් අරමුණුකර ගනිමින් මැදපෙරදිග, අප්‍රිකාව හා ආසියා කලාපය තුළ රටවල යුද්ධ නිර්මාණය කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සරණාගතයින් ලෝකයට නිර්මාණය කරයි. මෙම යුද්ද ඇතිකිරීමටත් සරණාගතයින් පාලනයටත් උතුරු අත්ලාන්තික් මිලිටරි ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව හා යුරෝපා සංගමය සහබාගිවන ආකාරය ගැන මෙම සම්මන්ත්‍රණයේදී පුළුල්ව අදහස් සාකච්චා විය.

සමාජවාදී තරුණ සංගමයේ අදහස ඉදිරිපත් කරමින් සම්මන්ත්‍රණය ඇමතු පුබුදු සමරවීර මහතා, NATO හා EU සංවිධාන සරණාගතයින් පාලනය හා ස්ථානගත කිරීම මානුෂිය අයුරින් සිදුකරන බවට පෙන්වීමට උත්සාහකලත් අධිරාජයවාදයේ සැගවුණු අරමුණු ඒ තුළ ඇති බවත් පැවසීය. ඇත්ත මානුෂික බව යනු ලෝකය තුළ සදාතනික සාමය ස්ථාවර කිරීම මගින් “සරණාගතයන්”  යන වචනය නැතිකිරීම බවත් එනිසා අපි කළ යුත්තේ මානව වර්ගයාට තර්ජනයක්වන ම්ලේච්ඡ අධිරාජ්යවාදී යුද්ධ නතර කිරීම සඳහා බලකරන අධිරාජ්ය විරෝධී අරගලය ශක්තිමත් කිරීම බැවින් ඒ සදහා ලෝකයේ සියලුම ප්‍රගතිශීලි ශිෂ්‍ය හා තරුණ සංවිධානවලට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සංගමය සමග එක්ව තම හඩ අවධිකිරීමට ආරාධනාකරන බවත් පැවසිය.

“නිදහස් හා නැවත එකමුතුවූ රටක් තුළ සුරාකෑමෙන් හා යුද්ධයෙන් තොර ජිවිතයක්” යන්න ප්‍රධාන උද්යෝග පාඨය මුලිකකරගත් තරුණ හා ශිෂ්‍ය උළෙල, විවිධප්‍රසංග, දේශපාලන සාකච්චා, ප්‍රදර්ශන කුටි, ක්‍රීඩා අංග හා තවත් ප්‍රසාංගික අංග රාශියකින් වර්ණවත් වී තිබිණි. තවද සාරනාගතයින් අත්විදින සජීවී අත්දැකීම් ඇතුළත් කර රගදැක්වූ වීදිනාට්‍ය ප්‍රදර්ශන භුමියේ ආකර්ෂණය දිනාගැනීමට සමත්විනි.

සමාජවාදී තරුණ සංගමයේ ප්‍රකාශන හා ක්‍රියාකාරකම් ඇතුලත් ප්‍රදර්ශන කුටියක්ද සමාජවාදී තරුණ සංගමයේ සයිප්‍රස් සහෝදරත්වය විසින් ප්‍රදර්ශනය කර තිබිණ.

මෙම තරුණ උළෙලට සමගාමීව සයිප්‍රසයේ AKEL පක්ෂයේ  දේශපාලන බලමණ්ඩල සබික Christos Christophides මහතා විසින් සයිප්‍රසයේ ජාතික ගැටලුව සම්බන්දවත් 1974 දී අධිරාජ්‍යවාදීන් හා තුර්කිය එක්ව  සයිප්‍රසයේ බුමියෙන් 37%ක් ආක්‍රමණය කරමින් තුර්කි සයිප්‍රසය හා ග්‍රීස් සයිප්‍රසය ලෙස බෙදුණු සයිප්‍රසයක් නිර්මාණය කළ ආකාරයත් විස්තර කළේය. 2004 වනතුරු එකම රටේ ජනතාවක් වෙන්ව දේශසීමා වසා ජනතාව වෙන්කර තැබූ සැටිත් ඒකීය ස්වාදීන සයිප්‍රසයක් ගොඩනැගීම උදෙසා  AKEL පක්ෂය ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්දවත් ඔහු විසින් ජාත්‍යන්තර නියෝජිතයන් දැනුවත් කෙරිණි. 

සමාජවාදී තරුණ සංගමය තරුණ හා ශිෂ්‍ය උළෙලට සමගාමිව ග්‍රීසිය,  ඉතාලිය, ස්පාඤ්ඤ, හා බ්‍රසීලය ඇතුළු තවත් රටවල් රැසක කොමියුනිස්ට් තරුණ සංගම් නායකයන් සමග දිවීපාර්ෂවීය සාකච්ඡා ගණනාවක් පවත්වමින් තරුණ සංගම් අතර සබදතා ශක්තිමත් කරගැනිනි.

Facebook
Twitter
LinkedIn