මහින්ද පිලේ හොරුන් තක්කඩියන් ඉන්නවා

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද පිලේ සිටිමින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින පිලේ හොඳ අය පමණක් නොව හොරුන් සිටින බවය. එපමණක් නොව තක්කඩියන් හා කූඨ ව්‍යාපාරිකයන්ද සිටින බවත් ඒ මහතා පවසයි.

මධ්‍යවේදීන් නැගූ ප්‍රශන්යකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා පවසන්නේ සාස්තර, නක්ෂත්‍රය විශ්වාස කරමින් අනුන්ගේ පව්වලට කර ගැසීමද මහින්ද රාජපක්ෂ පරාජය වීමට හේතුවක් වූ බවයි. 

මෙම තත්වයන් තේරුම් නොගත්තොත් රෑ වැටුන් වළේ දවලුත් වැටෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා බිඳ දමා ගමනක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Facebook
Twitter
LinkedIn