පසුගියදා පැවැති ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ආණ්ඩු බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට වත්මන් අගමැති මැල්කම් ටර්න්බුල්ගේ කන්සර්වටිව් පක්ෂය සමත් වී තිබේ.
මන්ත්‍රී ආසන 150කින් සමන්විත පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලයක් පිහිටුවීම සඳහා ආසන 76කට වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කළ යුතුය. එහෙත් මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවසන් අදියරට පැමිණෙන විටත් පාලක කන්සර්වටිව් පක්ෂය හා කම්කරු පක්ෂයට බහුතර ආසන සංඛ්‍යාවක් හිමි නොවී තිබිණි. තීරණාත්මක තැපැල් ඡන්ද ගණන් කිරීමේදී අණ්ඩු බලය පිහිටුවිමට අවශ්‍ය මන්ත්‍රීධූර සංඛ්‍යාව ලබා ගැනීමට අගමැති ටර්න්බුල්ගේ පක්ෂයට හැකි විය.
කෙසේ වෙතත් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ටර්න්බුල්ගේ කන්සර්වටිව් පක්ෂයට ස්වාධීන කණ්ඩායම්වල සහාය ලබා ගැනීමටද සිදුවී තිබේ.
Views: 0









