ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර රුසියානු තානාපති කාර්යාලයේ කටයුතු කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු පිටුවහල් කිරීමත් සමග ඇමෙරිකාව හා රුසියාව අතර පවතින මතභේදකාරී තත්වය උත්සන්න වන තත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාර්තා වේ.
මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් දෙදෙනා පිටුවහල් කිරීමට හේතුව ලෙස ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ජෝන් කර්බ් සඳහන් කර ඇත්තේ රුසියාවේ මොස්කව් නුවර සිටින තම රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකුට රුසියානු පොලිස් නිලධාරී පහරදීමක් බව පවසයි.
මෙම චෝදනාව සම්බන්ධයෙන් රුසියාව අදහස් දක්වා ඇත්තේ ඇමෙරිකානු CIA ඔත්තු සේවා නියෝජිතයකුගේ අනන්‍යතාවය තහවුරු කරන ලෙස ඉල්ල සිටි අවස්ථාවේදී රුසියානු පොලිස් නිලධාරියකුට ඇමෙරිකානු නියෝජිතයා පහර දුන් බවය.
කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට ඇමෙරිකාව හා රුසියාව අතර පැවති මතභේදකාරී වටපිටාව මේ වනවිට රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ගැටමක් දක්වා වර්ධනය වෙමින් තිබේ. විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය පදනම් කරගනිමින් රුසියාව හා ඇමෙරිකාව අතර දැඩි මතභේදකාරී වටපිටාවක් නිර්මාණය වූ අතර මෙම තත්වය ඉදිරියේදී තව තවත් වර්ධනය වනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.









