මහින්ද පිලේ අර්බුද උඩු දුවයි-ඡායාව විකාරයක් බව විදුරත් කියයි

රටේ ජනතාවට ප්‍රශ්න රාශියක් තිිබියදී ඡායාකැබිනෙට්ටුවක් ඇති කරගැනීම් තමන්ද බලලෝබයෙන් පෙළෙන පිරිසක් බව පෙන්වන විකාරයක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහන්ද පිලේ මන්ත්‍රී විදු වික්‍රමනායක මහතා පවසයි. 

මෙය මාධ්‍ය මගින් ප්‍රචාරය කළ මොහොතේ සිට තමන්ට දුරකථන ඇමතුම් ගලාගෙන ආ බවත් බොහෝ අය මෙය විවේචනය කළ බවත් දිනේශ් ගුණවර්ධන වැනි මන්ත්‍රීවරුන් මෙවැනි කැබිනෙට්ටුවක් පිහිටුවාගෙන කුමක් බලාපොරොත්තු වන්නේදැයි තමන් නොදන්නා බවත් වික්‍රමනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ඒ මහතාට එම කැබිනෙට්ටුවේ හිමිව ඇත්තේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයයි.

Facebook
Twitter
LinkedIn