ලංවිම රු.කෝටි 300ක් අතුරු දහන්

පෞද්ගලික සමාගමක ආයෝජනය කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක අරමුදලේ රුපියල් කෝටි 300ක මුදලක් අතුරුදහන් වීම සම්බන්ධ පරීක්ෂණ මන්ද ගාමී බව වෘත්තීය සමිති චෝදනා කරයි.

විදුලි බල ඇමතිවරයා හා සියලුම වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ පැවති සාකච්‍ඡාවකදී ඇමතිවරයා හමුවේ වෘත්තීය සමිති නායකයින් මෙම චෝදනාව සිදු කර ඇති අතර එහිදී එම මුදල් අතුරු දහන් වීම සම්බන්ධයෙන් පවතින පරීක්ෂණ කඩිනම් කරන ලෙස අදාළ බලධාරීන්ත තමන් උපදෙස් දීමටද ඇමතිවරයා කටයුතු කර තිබේ.

මේ වන විට අදාළ ගනුදෙනුවට සම්බන්ධ සමහර ලිපි අතුරුදහන් වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තම වෙනමම අභ්‍යන්තර පරික්ෂණයක් පැවැවෙන බවත් මේ වනවිට අපරා‍ධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ FCID වෙනමම පරික්ෂණයක් පවත්වන බවත් පැවසේ. 

මෙයට සම්බන්ධ වූවන් ළඟදීම හෙලි කිරීමට හැකි වනු ඇතැයිද ඔවුන්ට තරාතිරම නොබලා නිතිමය කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn