ඡායා කැබිනට්එකක් ගැන මම දන්නෙත් නැහැ

මහින්ද පිල විසින් පිහිටුවූවා යැයි කියන ඡායා කැබිනට්ටුව සම්බන්ධයෙන් තමන් විස්තර නොදන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.

ෆ්එම් නාලිකාවක් සමග පැවති විශේෂ සංවාදයකදී ඔහු ඒ බව ප්‍රකාශ කර ඇති අතර දේශපාන ආරංචිමාර්ග සඳහන් කරන්නේ චමල් රාජපක්ෂ මහතාද බොහෝවිට අදාළ තනතුරෙන් ඉල්ලා අස්වීමට ඉඩ ඇති බවය.

හිටපු කතානායකවරයෙකුද වන චමල් රාජපක්ෂ මහතා ඡායා කැබිනෙට්ටුවේ ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ. 

මීට පෙර දිලුම් අමුණුගම හා මහින්ද රාජපක්ෂද එම කැබිනෙට්ටුවෙන් ඉල්ලා අස් වූහ.

Facebook
Twitter
LinkedIn