උමාඔයේ තර්ජනය බිහිසුණු අතට

උමාඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවල ප‍්‍රධානම අංගයක් වන කිලෝ මීටර් 21ක් දිග උමග හෑරීම නිසා සිදුවෙමින් තිබෙන විනාශය අංශ ගණනාවකින් බිහිසුණු තත්වයට පත්ව ඇත.

උමග වැටී තිබෙන ප‍්‍රදේශයේ ඉහළ ස්වාභාවික ජල උල්පත් සියල්ල සිඳී යාම මේ අතර අතිශය බරපතල තත්ත්වයක පවතී. එය වඩාත් තීව‍්‍ර කරමින් බණ්ඩාරවෙල හීල්ඔය සම්පූර්ණයෙන් ම සිඳී ගොස් තිබේ. මේ නිසා බණ්ඩාරවෙල නගරයට ආසන්නයේ ගම් දොළහක පමණ ළිං සහ ජල උල්පත් සියල්ල සම්පූර්ණයෙන්ම සිඳී යමින් තිබේ.

වැල්ලවාය කරඳගොල්ල ප‍්‍රදේශයේ සිට උමං හෑරීම ආරම්භ කර අභ්‍යන්තරයට පැමිණෙන විට 2014 දෙසැම්බර් 26 වැනිදා එක් රැයක් තුළ හීල්ඔය, මකුළුගොල්ල ඇතුළු ගම් රැසක ළිං සහ ජල උල්පත් සිඳී ගියේ ය. මෙසේ ආරම්භ වූ ජලය සිඳී යෑමේ තර්ජනය මේ වනවිට ගම්මාන 25කට පමණ පැතිර ගොස් බණ්ඩාරවෙල නගරයට ආසන්නයටද පැමිණ ඇත.

ඒවාට විසඳුම් ලෙස ජල සම්පාදන මණ්ඩලයෙන් බවුසර් මගින් ජලය ලබා දීම ආරම්භ කළ අතර මේ වනවිට ලබා දෙන ලද ජලය ප‍්‍රමාණවත් නොවන පරිදි පහත වැටෙමින් තිබේ. 

නිවාස ඉරිතලා යෑම, ජලය සිඳී යෑම හා වගා විනාශ වීම ඇතුළු පාරිසරික මෙන් ම ආර්ථික ගැටලුද ජනතාව අවතැන්වීමේ ගැටලුද මේ වනවිට ඉතා බරපතල වෙමින් පවතියි.

උමාඔය ඛේදවාචකය පිළිබඳ රට දැනුවත් කිරීමේ ඓතිහාසික මාධ්‍ය සාකච්ඡාව – සිඳිගිය හීල්ඔය මධ්‍යෙය් සිට 2016.07.07 උමාඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් පවත්වන ලදි……..

Posted by Samantha Viddyarathna on Friday, July 8, 2016

Facebook
Twitter
LinkedIn