වැටි විරෝධතා ඇවිලෙද්දී ආණ්ඩුවෙන් වැටි සංශෝදනයක්

ආණ්ඩුව පැනවූ වැට් බද්ධට විරෝධය දක්වා මේ දිනවල රට පුරා විරෝධතා සංවිධානය වෙමිත් පවතිද්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකිරීමට ආණ්ඩුව තීරණය කළ බව පවසමින් භාණ්ඩ කිහිපයක් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති රිශාඩ් බදියුදීන් මහතා ඊයේ (08) නිවේදනය කළේය.

ඒ අනුව හාල්, සීනි, පරිප්පු, බී ඵණු, අර්තපල්, රතු ඵණු, කිරිපිටි, තිරිගු පිටි, වියලි මිරිස්, මුං ඇට, කඩල, සැමන්, හාල් මැස්සෝ, කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ වර්ග සඳහා වැට් බදු අය නොකරනු ඇත. 

අදාල මිල ගනන් පිළිබඳව මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා පාරිභෝගිකයා දැනුවත් කිරීමටද නියමිත අතර ලබන අඟහරුවාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් වාර්තා වේ.

ඉන් පසුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උපරිම සිල්ලර මිල නැවත ගැසට් කරන බවත් උපරිම සිල්ලර මිලට වඩා විකුණනු ලබන වෙළදසැල් වැටලීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Facebook
Twitter
LinkedIn