ශ්‍රී ලංකන් කේටරින් විමර්ශන අවසන්

ශ්‍රී ලංකන් කේටරින් සමගමේ සිදුවූ බව කියන වංචා සම්බන්ධයෙන් මහා පරිමාණ වංචා පිළිබඳ ජනපති කොමිසම විසින් කරනු ලැබූ විමර්ශන අවසන්ව කර ඒ පිළිබඳව සකස්කළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට නියමිත බවත් ඒ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් තීරණ ගැනීම ජනාධිපතිවරයා සතු කටයුත්තක් බවත් වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේද අමාත්‍යධුරයක් දරන ප්‍රියංකර ජයරත්න මහතා, හිටපු ශ්‍රී ලංකන් සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු හය දෙනෙක් පසුගිය ජනපතිවරණ සමයේදි ශ්‍රී ලංකන් සමාගමේ වත්කම් අවභාවිත කළ බවට බැපතල වංචා දූෂණ විමර්ශනය කිරීමේ ජනපති කොමිසමට ලැබුණු පෙත්සමක් මත ආරම්භ කෙරුණු විමර්ශන ඊයේ (08) අවසන්ව කර ඇති වාර්තා වේ. 

නිවැරදි ලදුපත් හා ඉන්වොයිසි නොමැතිව ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ ආහාර පාන අමාත්‍යවරයාගේ බලපෑම මත සපයා ඇති බවටද පෙත්සමේ සඳහන් විය.

Facebook
Twitter
LinkedIn