වත්කම් උපයාගත් ආකාරය කියන්න බැරිවුණ සජින්වාස්ට ඇප

රුපියල් කෝටි 61 වත්කමක්‌ උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබා දී මට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා (08) නියෝග කර ඇත.

ඔහු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප 04ක් මත හිටපු මන්ත්‍රීවරයා මුදා හැරිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාව පසුගිය 27දා මුදල් විශුද්ධීකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඊයේ (07) අධිකරණ නියෝගයක් මත ඔහුගෙන් සහ ඔහුගේ ගණකාධිකාරීවරයාගෙන් ප්‍රකාශයක්ද සටහන්කරගත්තේය.

Facebook
Twitter
LinkedIn