මිල්ලව, පියුස්වත්ත ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ පවත්වාගෙන ගිය සූදු පොළක් ඊයේ (06) රාත්‍රියේ වැටලූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් විසින් එහිදී මුදල් ඔට්ටුවට සූදු කෙළීමේ යෙදී සිටියදී කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන ඩොමිනික් රණසිංහ මහතා ඇතුලු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් අතර රජයේ සේවකයින් දෙදෙනෙකුද, ව්‍යාපාරිකයින් සහ ත්‍රිරෝද රථ රියදුරන් කිහිපදෙනෙකුද වන බව පොලිසිය කියයි.
විෂ මත්ද්‍රව්‍ය මර්දන ඒකකයේ නිලධාරීන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දිගු කලක් තිස්සේ සූක්ෂ්ම ලෙස පවත්වාගෙන ගොස් ඇති මෙම සූදු පොළ ඊයේ දිනයේ ආරම්භවීමට පැය ගණනාවකට පෙර එම ස්ථානය වටා සැගවී සිටි සූදුපොළ ආරම්භවීමෙන් පසුව වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (07) අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ වරද පිළිගැනීම හේතුවෙන් එක් අයෙකුට රුපියල් 100 බැගින් සැකකරුවන් අටදෙනාට රුපියල් අටසියයක දඩ මුදලක් ගෙවන ලෙසට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මහත්මිය විසින් නියම කර තිබේ.









