කැමරන්ගෙන් පසු බ්‍රිතාන්‍යයට අගමැතිවරියක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ඉල්ලා අස්වන බව නිවේදනය කිරීමත් සමග මේ වනවිට අගමැති තනතුර සඳහා කන්සර්වේටිව් පක්ෂයෙන් කාන්තාවක් පත්වීමට නියමිත බව පැවසේ.

පසුගියදා යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම සඳහා පැවති ඡන්ද විමසීමෙදී ඩේවිඩ් කැමරන් සිය මතය පරාජයට පත්වීමත් සමග සිය තනතුරින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය. ඉන් අනතුරුව අගමැති තනතුර සඳහා පත්වීමට පැවැති ඡන්ද විමසීම අවසානයේ ඉදිරියට පැමිණ ඇත්තේ බ්‍රිතාන්‍ය ස්වදේශීය ලේකම්වරිය වන තෙරේසා මේ සහ බලශක්ති අමාත්‍යවරිය වන ඇන්ඩ්‍රියා ලීඩ්සම් යන කාන්තාවන් දෙදෙනා වීම විශේෂත්වයකි.

ඒ අනුව ඉදිරියේදී අග්‍රාමාත්‍ය තනතුරට පත්වන්නේ මෙම දෙදෙනාගෙන් එක් අයෙකු වන අතර ඇය බ්‍රිතාන්‍යයට පත්වන දෙවන අග්‍රාමාත්‍යවරිය වේ.

Facebook
Twitter
LinkedIn