අනුර සේනානායක තවදුරටත් රිමාන්ඩ් – CCTV දර්ශන කැනඩාවට

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණයට අදාළ පරීක්ෂණ යටපත් කළ බවට හා ඒ සඳහා නිලධාරීන්ට නියෝග කිරීමේ චෝදනා එල්ල වී ඇති හිටපු ජ්‍යේෂ්ඨ පොලිස්පති අනුර සේනානායක සහ එම ඝාතනයට අදාළ පරීක්ෂන සිදු කළ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ නඩුව අද (07) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ වසීම් තාජූදීන්ගේ මරණය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයෙකු පිළිබඳව විමර්ශන සිදුකරන බවයි.

තාජූදීන්ගේ මරණයට අදාළ සාක්ෂි අදාළ අධ්‍යක්ෂවරයා විසින් වසන් කර ඇත්ද යන්න පිළිබදව විමර්ශන සිදුකරන බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත. 

එමෙන්ම දැනට සොයාගෙන ඇති වීඩියෝ පට කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ආයතතනය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn