අයුතු ජනරාශිය යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයට ළමයින් ඇතුළත් කිරීමට විදුහල්පතිවරයාට බලපෑම් කරමින් කටයුතු කළ සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා මව්වරුන් ඇතුළු 13දෙනා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර අප මන නිදහස් කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කෝසල සේනාධීර මහතා අද (07) නියෝග කර තිබේ.
එදින නියෝජ්‍ය ඇමතිවරයා විදුහල්පතිවරයාට පහර දී ඇති අතර විදුහල්පතිවරයා සිහිසුන්ව ඇද වැටී ඇත. එම අවස්ථාවේ නියෝජ්‍ය ඇමතිවරයාද ගෙලවැලලාගෙන සියදිවි නසාග නැනීමට උත්සාහ කර තිබේ. පොලීසියද මෙම ස්ථානයට පැමිණ නියෝජ්‍ය ඇමතිවරයාව රෝහල් ගත කළත් නියෝජ්‍ය ඇමතිවරයාට එරෙහිව සියදිවි නසාගැනීමට උත්සාහ කිරීමේ චෝදනාව, විදුහල් පතිවරයාට පහරදීම හා අයුතු ඇතුළු වීම යන චෝදනා ගොනු කර නැති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Views: 0









