අනධ්‍යන සේවකයනුත් සටනට බසිති

වැටුප් නොගෙවීම ඇතුළු ඉල්ලීම් 7ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින් ලබන 13 හා 14 දිනවල පැය 48ක සංකේත වර්ජනයක නිරතවීමට තිරණය කර ඇති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි. 

එකී ඉල්ලීම් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ලබාදී දිගුකලක් ගතව ඇතත් මේ දක්වා ඔවුන් ඊට විසඳුම් දී නැති බවත් ඒ අනූව ඊට විරෝධය පළකර ලබන 13 -14 දිනවල සංකේත වර්ජනයක නිරත වන බවත් විසඳුමක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වන්නේ නම් එම වර්ජනය අඛණ්ඩව සිදුකිරීම‍ කෙරෙහි අවධානය යොමුකරන බවත් එම සංගමය පවසයි.

Facebook
Twitter
LinkedIn