ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ අපරාධකරුවන් අතර සිදුවන නිරන්තර වෙඩිතැබීම්වලින් එම නගරයේ ජනතාවගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇති බවට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකාවේ අපරාධ බහුල නගරයක් ලෙස සැලකෙන චිකාගෝ නුවර මේ වසරේ ගතවූ කාලය තුළදි සිදු කර ඇති වෙඩිතැබීම් ප්‍රමාණය 2000 ඉක්මවා ඇති බවට වාර්තා වන අතර ඉන් විශාල පිරිසක් ජීවිතක්ෂයට හෝ තුවාල ලබා ඇතැයි පැවසේ.
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ සිදු කර ඇති එවැනි වෙඩිතබා ගැනීම් 50% ක් ඉක්මවා වර්ධනය වී ඇතැයි පැවසනෙ අතර පසුගිය වසරේ මෙවැනි වෙඩිතබා ගැනීම් 2988ක් වාර්තා වී ඇති බව චිකාගෝ පොලිස් වාර්තා තහවුරු කරයි.
ලෝකයට සුපිරි ප්රජාතන්ත්රවාදයක් පවතින බවට පවසන ඇමෙරිකාවේ අභ්‍යන්තරය තුළ මේ වනවිට බරපතල ලෙස මෙවැනි ගැටුම් වර්ධනය වී තිබේ. මිනිසුන් අතර තිබිය යුතු මානව බැදීම් බිඳවැටීම් හරහා තුවක්කු සංස්කෘතිය තුළින් සිදුකරන සමූහ ඝාතන ඇමෙරිකාව තුළ ඉහළ යමින් තිබෙන අතර පාසල් හා උසස් අධ්‍යාපන ආයතන තුළ සිදුවන එවැනි ප්රහාරයන් සීඝ්රයෙන් වැඩි වී තිබේ.
ඇමෙරිකාව තුළ තුවක්කු භාවිතය සීමා කිරීම සඳහා ජනාධිපති බැරැක් ඔබාමා ගෙන එනු ලැබූ පනත කොංග්රස් මණ්ඩලය තුළදී පරාජයට පත්වූයේ රිපබ්ලිකන් පක්ෂිකයන්ගේ දැඩි විරෝධය හමුවේය.









