ඉරාන දැවැන්තයා අයි.එස්. ත්‍රස්තයින් එරෙහිව සටනට සූදානම්

ඉරානය තුළ ජනප්‍රිය පුද්ගලයකු වන සජාඩ් නැමැති විශාල ශරීරයකට උරුමකම් කියන පුද්ගලයා  අයි.එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් වැදීම සඳහා ස්වේච්ඡා භටයකු ලෙස සිරියාවට පිටත් වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබේ.

සිය ඉන්ස්ට්‍රග්‍රෑම් පිටුව තුළ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර සිරියාව තුළ පිහිටි ෂියා නිකායට අයත් මුස්ලිම් පල්ලි අයි.එස්. ත්‍රස්තයින්ගෙන් බේරා ගැනීම සඳහා තමන් සහභාගී වීමට සූදානම් බව පවසා තිබේ. ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් අනුගාමිකයින් 134,000 ක් පමණ සිටින බව පැවසේ.

මෙහු ඉරානය තුළ ජනප්‍රිය වී සිටින්නේ ‘ඉරානීය හල්ක‍‘ ලෙසටය. මෙහුගේ ශරීරයේ බර කිලෝ 160ක් පමණ බවත් එකවර කිලෝග්‍රෑම් 200ක් පමණ එසවීමේ හැකියාව ඔහු සතු බවත් පැවසේ.

Facebook
Twitter
LinkedIn