පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගින්නක්

අද (03) පස්වරුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යාගාරයක ගින්නක් හටගෙන තිබේ.

එම පීඨයේ නිෂ්පාදන ඉංජිනේරු දෙපාර්තමේන්තුවට අයත් විද්‍යාගාරයක් මෙම ගින්නෙන් විනාශ වී ඇති අතර එය පිහිටා තිබී ඇත්තේ එම දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිල්ලක ඉහළ මහලකය.

එහි පරිගණක ඇතුළු කෝටි ගණනක උපකරණ තිබූ බවත් එහි විශාල ප්‍රමාණයක් ගින්නෙන් විනාශවී ඇති බවත් සිසූහු පවසති. 

පොලීසිය හා ගිනිනිවන හමුදාව ගින්න මැඩපැවත්වීමට කටයුතු කර ඇත.

பேராதனை பல்கலைகழகத்தின் பொறியியல் பீடத்தின் ரசாயன ஆய்வு கூட கட்டம் தீ பிடித்து எரிவதாக அங்கிருந்து கிடைக்கும் தகவல்கள் தெரிவிக்கின்றன.. தகவல் : Thawsheeb CA

Posted by Madawala News on Sunday, July 3, 2016

Facebook
Twitter
LinkedIn