ඩකා ප්‍රහාරයට පැමිණි අය බංග්ලාදේශ ජාතිකයින් බව හෙළිවෙයි

පසුගිය පළමු වැනි දින රාත්‍රියේ බංග්ලාදේශයේ ඩකා අගනුවර පිහිටි Holey Artisan Bakery cafe ආපන ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාම බංග්ලාදේශ ජාතිකයින් බව අනාවරණය වී තිබේ.

ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සන්නද්ධ පුද්ගලයින් හත් දෙනාගෙන් හයදෙනෙකුම බංග්ලාදේශ ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයන්ගෙන ජීවිතක්ෂයට පත්වූ අතර එක් ත්‍රස්තවාදියකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

ප්‍රහාරයට සම්බන්ධ වූ ත්‍රස්තවාදීන්ගෙන පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බංග්ලාදේශ ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වමින් සිටියදී මෙම ප්‍රහාරය එල්‍ල කර තිබෙන අතර අත්අඩංගුවට පත් ත්‍රස්තවාදියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ. මොවුන් සියලු දෙනාම අයි.එස්. ත්‍රස්තවාදීන්ට සම්බන්ධ බවට මේ වනවිට සිදු කර තිබෙන පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

රාජ්‍ය තාන්ත්‍රිකයින්, ධනවතුන් ඇතුළු පිරිස් නිරතුරුව සහභාගී වන ප්‍රසිද්ධ ආපන ශාලාවක් ලෙස සැළකෙන Holey Artisan Bakery cafe ආපන ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විදේශිකයින් 20 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර අද (03) සිට දින දෙකක ශෝක කාලයක් බංග්ලාදේශය තුළ ප්‍රකාශයට පත් කර තිබේ.An injured police officer is led away after an attack at a cafe in the early hours of July 2, 2016 in Dhaka, Bangladesh. Armed attackers are holding as many as 20 people hostage at the Holey Artisan Bakery, cafe popular with expats, cafe owner Sumon Reza told CNN. The standoff followed a gunbattle with police that left at least two senior officers dead and 40 people injured.

Facebook
Twitter
LinkedIn